දරුවට තණ කොළ කවලා



පංතියේ පාඩම් වැඩ නිසි ලෙස සිදු නොකළැයි හත් හැවිරිදි දරුවකුට දඬුවමක් ලෙස තණ කොළ කන්නැයි බල කළ පාකිස්තාන ගුරුවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පාකිස්තානයේ පන්ජාබ් පළාතේ රජයේ පාසලකය. සිදුවීම ජංගම දුරකතනයක් ආධාරයෙන් පටිගත කර ඇති අතර එම දසුන් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී තිබේ.

දරුවාට තණ කොළ කෑමට දුන් ගුරුවරයා හමීඞ් රාසා නමැත්තා බවත්, ඔහු කොන්ත්‍රාත් පදනම මත පාසලට පැමිණි ගුරුවරයකු බවත් පැවැසෙයි.

ලාහෝරයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS