දඩයක්කරුට හොඳ පාඩමක්



මුවන් සිය ගණනක් අනවසරයෙන් මරා දැමුවේ යැයි චෝදනා ලැබ එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ඇමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ දඩයක්කරුවකුට අපූරු දඬුවමක් නියම කෙරුණි.

ඬේවිඞ් බැරි ජුනියර් (කණිෂ්ඨ) නමැති එම දඬයක්කරු වරදකරු කරමින් වසරක සිරදඬුවමක් ලබා දුන් විනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියේ සිරදඬුවම් විඳින පළමු වසර නොකඩවා ඬේවිඞ් බැරි ජුනියර් ට ‘බැම්බි’ කාටූන් චිත්‍රපටය නොකඩවා නරඹන්න දිය යුතු බවය.

‘බැම්බි’ වෝල්ට් ඩිස්නි සමාගමේ කාටූන් චිත්‍රපටයකි. 1942 වසරේ නිර්මාණය කළ මෙම චිත්‍රපටයේ ‘බැම්බි’ යනු පුංචි මුව පැටියෙකි. මේ මුව පැටවාගේ මව දඬයක්කරුවන් විසින් මරා දමනු ලැබේ. මෙය ඇසට කඳුළක් එක් කරන ඉතා සංවේදී කාටූන් චිත්‍රපටයකි.

අනවසර ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම ආදී චෝදනා රැසක් ද ඬේවිඞ් බැරි ජුනියර් ට එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් ද ඔහු වරදකරු වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS