ජනපතිවරණයේ අනාවැකි කියන රුසියන් වලහා



යුක්රේන ජනාධිපතිවරණය ලබන (31) පැවැත්වෙන අතර, රුසියාවේ සත්වෝද්‍යානයක දුඹුරු වලසකු අනාවැකි පළ කර ඇත්තේ යුරෝපා හිතවාදී වත්මන් ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ දිගටම සිය ධුරයේ රැඳී සිටිනු ඇතැයි කියාය.

බයියන් නමැති එම වලසා මේ වනවිට සමාජ ජාල ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. යුක්රේන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන්නේ පෙට්‍රෝ පොරෂෙන්කෝ, වොලොද්මීර් ස්වෙලන්ස්කී, හිටපු ජනාධිපතිනියක වන යුලියා ටිමෝෂෙන්කෝ, යූරි බොයිකෝ, ඇනටෝලී රිස්ටෙන්කෝ සහ ඔලේ ලියැෂ්කෝය.

අපේක්ෂකයන්ගේ ඡායාරූප වට්ටක්කාවලට සවි කර ඒවා අවස්ථා ගණනාවකදී බයියන් වෙත ඉදිරියට යොමු කර ඇති අතර, ඒ අතරින් බයියන් තෝරා ගෙන ඇත්තේ පෙට්‍රෝ පොරෂෙන්කෝගේ ඡායාරූපය සවි කළ වට්ටක්කා පමණි යැයි පැවැසෙයි. 

ලබන (31) පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකු බහුතර බලයක් හිමි කර නොගත්තොත්, වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේ දෙවැනි වටයක් පැවැත් වෙයි. ඒ, ලබන 12 වැනිදාය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS