ගිනි අවි අතට ගත් නාගාලන්ත මනාල යුවල



ඉන්දියාවේ නාගාලන්ත ප්‍රාන්තයේ බෙදුම්වාදී කැරැලි නායක බොහෝටෝ කීබාගේ පුතුගේ මංගල උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, මංගල ඇඳුමින් සැරැසුණු මනාල යුවල මංගල උත්සව ශාලාවට පැමිණ සිටියේ, ස්වයංක්‍රීය ගිනි අවි අතැතිවය.

බොහෝටෝ කීබාගේ පුතු අහිටෝ කීහෝගේ මංගල උත්සවය පැවැත්වූයේ පසුගිය 8 වැනිදාය. අහිටෝ කීහෝ අත වූයේ ඒ.කේ. 56 රයිෆලයකි. මනාලියගේ අතේ වූයේ එම්16 ගිනි අවියකි.

මංගල උත්සව ශාලාවට පැමිණි අමුත්තන් බව ගිනි අවි අතැතිව සිටි යුවල දැක තැති ගත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

බොහෝටෝ කීබා නියෝජනය කරන නාගාලන්තය එක්සත් කිරීමේ බලවේගය නමැති ආයුධ සන්නද්ධ කල්ලියයි. මෙම සන්නද්ධ කල්ලිය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලියක් ලෙස ඉන්දීය රජය සලකයි.

බොහෝටෝ කීබා පවසන්නේ තමන් සහ තම විමුක්තිකාමීන්, නාගලන්ත වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවය. ඉන්දීය ආරක්ෂක අංශ සහ නාගාලන්ත බෙදුම්වාදීන් අතරේ අවි ගැටුම් පවතී.

ගිනි අවි අතැතිව බංගල උත්සවයට සහභාගී වූ යුවල සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව නාගාලන්ත ආණ්ඩුකාර ආර්.වී. රාණි සහ පොලිස්පති පවසා ඇත.

මනාල යුවලට ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

ගුවහාතීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS