කැස්බෑවා වසර 21 පසු ඇවිත්



කොළ කැස්බෑවෙක් වසර විසි එකකට පසු ඕමාන් වෙරළට පැමිණ ඇති බව වාර්තා වේ.

කැස්බෑවා 1998 දි ප්‍රථම වතාවට ලියාපදිංචි කළ බවත්, මීට වසර 21කට පෙර ඕමාන් වෙරළෙන් වෙනත් මුහුදු ප්‍රදේශයකට ගොස් ඇති බවත්, දකුණුදිග අල්-ෂාර්කියා හි රාස් අල්-හැඩ් වෙරළ තීරයට නැවත පැමිණ ඇති බව ඕමාන් පරිසර හා දේශගුණික කටයුතු අමාත්‍යාංශය පැවසීය.

සාමාන්‍යයෙන් කැස්බෑවන් තමන් උපන් ස්ථානටමබිත්තර දැමීමටපැමිණෙන බව ඕමාන්සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.  

රාස් අල්- හැඩ් සිට මසිරා දූපත දක්වා ඇති වෙරළ කලාපය කැස්බෑ රක්ෂිතයක් ලෙස සැලකෙයි.

කොළ කැස්බෑවන් දුර්ලභ සත්ව විශේෂයක් වන අතර බිත්තර දැමීමට උපන් ස්ථානයට සෑම වසරකම පැමිණෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS