කැනඩා යානයේ නින්දට වැටුණු කාන්තාවට අකරතැබ්බක්



එයාර් කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක අසුන් ගෙන යානය ගුවන්ගත වෙද්දී නින්දට වැටුණු කාන්තාවක අවදි වී බලද්දී,  අඳුරේ හුදෙකලාව සිටිනු දකින්න ලැබී මහත් සේ බියට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටිෆනි ඇඩම්ස් නමැති මෙම කාන්තාව ක්විබෙක් නුවර සිට ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. යානය ගොඩ බෑමෙන් පසු ඇය අවදි කිරීමට ගුවන් සේවිකාවන්ට අමතක වී ඇති අතර, ඇය අවදි වී ඇතැයි පැවැසෙන්නේ යානය ගුවන්තොටුපොළේ ගාල් කර විදුලි පහන් නිවා දමා පැය කීපයක් ගතවෙද්දීය. ගුවන් යානයේ සිරවී සිටි ඇඩම්ස් දැක ඇය බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ ගුවන් තොටුපොළ සේවකයෙකි.

මොන්ත්‍රියාල් නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS