උතුරු කොරියාවට ‘කොරෝනා කුණාටුවක්’



දකුණු කොරියාව දෙසින් උතුරු කොරියාවට හැමූ දීප්තිමත් කහ පැහැයෙන් යුත් දූවිලි කුණාටුවක් හේතුවෙන්, උතුරු කොරියානුවන් අතරේ මහ බියක් හටගත්තේය.

අසාමාන්‍ය කහ පෙනුමින් යුත් මෙම දූවිලි කුණාටුව, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මුසු කරමින්, දකුණු කොරියානුවන් විසින් උතුරු කොරියානුවන්ට වින කිරීමට එවන ලද්දක් යැයි බියක් උතුරු කොරියානුවන් අතරේ පැතිර යන්න විය.

ලොවට වසංගතයක් වුණු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය, දූවිලි කුණාටු හරහා පැතිරෙනවා යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ නමුත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, යොංග්යැංග් අගනුවර වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ කුණාටුව පහව යනතුරු නිවෙස්වලට වී සිටින ලෙසටය.

(රොයිටර්)


RECOMMEND POSTS