ඇමසන් කැළේ මැද තල්මසකුගේ මළසිරුරක්



ඇමසන් වනාන්තරය මැද අඩි 36 ක් දිග දැවැන්ත තල්මසකුගේ මළසිරරුක් හමුවී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

තල්මසා හමුවී ඇත්තේ මුහුදේ සිට මීටර් 15 ක් දුරින් යැයි ද පැවැසෙයි. මුහුදේදී තල්මසා මියගොස් ඇමසන් ගංගාව දිගේ සිරුර වනාන්තරයට ගසා ගෙන එන්න ඇතැයි පරිසරවේදීහු අනුමාන කරති.

කෙසේ නමුත් තල්මසා මියගියේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් සොයා බලන බව ද පරිසරවේදීහු වැඩි දුරටත් කියා සිටිති.

(ඒ.බී.සී. පුවත්)

 


RECOMMEND POSTS