ආත්තම්මා මිණිබිරිය බිහිකරලා



ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ජනපදයේ 61 හැවිරිදි අත්තම්මා කෙනකු ඇගේ කුසෙන් ඇගේ මිණිබිරිය බිහි කළ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

එය සිදුවී ඇත්තේ මෙසේය. සිසිල් එල්ජ් නමැති මෙම කාන්තාවගේ තරුණ පුත්‍රයා මැතිව් සමලිංගිකයෙකි. ඔහු විවාහ වී ඇත්තේ එලියොට් ඩොටරි නමැති තරුණයා සමඟය.

පවුලක් වීමට මැතිව් සහ ඩොටරි තීරණය කර ඇත. ඒ අනුව, සිසිල් එල්ජ්ගේ ගර්භාෂයේ කලලයක් තැම්පත් කිරීම සිදුවුණු අතර, ඌමා ලුවිස් නමින් උපන් බිලිඳියට නම් තැබීම සිදු විය.

(බී.බී.සී.)


RECOMMEND POSTS