අවුරුදු දෙකේ කෙරුවාව මිනිත්තු දෙකෙන්



නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ගේ රජය බලයට පත් වී වසර දෙකකි. එම වසර දෙකක් සහ තත්පර 56 ක කාලය තුළ රජය කළ මෙහෙවර සහ ලැබූ ජයග්‍රහණ මිනිත්තු දෙකක් ඇතුළත පැහැදිලි කිරීමට අගමැතිනිය කටයුතු කර තිබේ. ඒ, වීඩියෝවක් නිකුත් කරමිනි.

මෙම වීඩියෝව මේ වනවිට ඇගේ ට්විටර් ගිණුම හරහා පමණක් නොව, විදෙස් පුවත් සේවා හරහා ද ප්‍රසිද්ධියට පත්  වී ඇත. ඇගේ ට්විටර් ගිණුමේ ඇති වීඩියෝව මේ වනවිට මිලියන 2.3 ක් නරඹා ඇතැයි ද පැවැසෙයි.

අගමැතිනිය තම රජය රැකියා අවස්ථා 92,000 ක් බිහි කළ අයුරු, රාජ්‍ය නිවාස 2200 ක් ඉදි කළ අයුරු, පරිසරය සුරකිමින් නව කාබන් බද්ද හඳුන්වා දුන් අයුරු ආදී රජය කළ මෙහෙවර එම වීඩියෝවට ඇතුළත් වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS