අලුත උපන් තුන් නිවුන් දරුවන්ට කොරෝනා



මෙක්සිකෝවේ අලුත උපන් තුන් නිවුන් බිලිඳන් ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

බිලිඳන් තිදෙනා ආසාදිතයන් යැයි තහවුරු වී ඇත්තේ උපත ලබා පළමු පැයේ දී කළ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුවය. බිලිඳන්ට වෛරසය ආසාදතය වූයේ කෙසේදැයි යන්න ගැටලුවක් යැයි වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරුන්ගේ අනුමානය වී ඇත්තේ මව ‘කොවිඞ් 19’ ආසාදිතයකු වන්නට ඇතැයි කියාය. මවගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති අතර, ඇය දරු ප්‍රසූතියට රෝහල් ගත කළ අවස්ථාවේ ‘කොවිඞ් 19’ පරීක්ෂණයක් කළ බවත් එහිදී ද ඇයට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ බවත්ය.

අලුත උපන් තුන් නිවුන් බිලිඳන්ට මේ අයුරින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

‘කොවිඞ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කන්නේ ඇමෙරිකා සහ ලතින් ඇමෙරිකා රටවල්ය. මෙක්සිකෝවේ ද ‘කොවිඞ් 19’ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යයි. මෙක්සිකෝවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,85,122 කි. මරණ වාර්තා වන්නේ 22,584 ක් ලෙසිනි.

මෙක්සිකෝසිටීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS