අගමැති මෝදි පය පැටලී වැටිලා



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියගැට පෙළක් නගිමින් සිටිද්දී පය පැටලී වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙය සිදුවූයේ පසුගිය 14 වැනිදා, අග්‍රාමාත්‍ය මෝදි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි පැවැති ඉන්දීය ගංගා පිරිසුදු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදීය.

ලහිලහියේ අතාල් ඝාත් පඩිපෙළ පඩි නගිමින් යද්දී, පය පැටලීමෙන් අගමැති මෝදි ඇද වැටෙන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් වහා පැමිණ මෝදිට නැගිටීමට සහාය දෙයි. අනතුරින් අගමැති මෝදිට තුවාලයක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS