හැම දරුවාම එක වගේ නැත්තේ ඇයි



දරුවකුගේ් වර්ධනයේ් විවිධ පැතිකඩවල සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන වයස ලෙස අවුරුදු 2-5 අතර කාලය සඳහන් කළ හැකිය. දරුවාට ස්වාධීනව තමාගේ් වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේත්, පවුලෙන් ඈත්ව පෙර පාසලටත්, බාහිර සමාජයටත් යොමුවීම ආරම්භ වන්නේත් මෙම අවධියේදී ය.

 

හැම දරුවෙක්ම එක වගේ නැහැ

ඔබ මෙතැනදී සිතිය යුතු විශේෂිත කාරණාවක් තිබේ. දරුවකුගේ මූලික වර්ධනයේ කොටස් 04 ක් වෙයි. ඒ කායික ක‍්‍රියාකාරිත්වය, චිත්තවේගී ක‍්‍රියාකාරිත්වය, සමාජීය ක‍්‍රියාකාරිත්වය හා බුද්ධිමය හැකියාවන්් ආදී වශයෙනි. මේ මූලික වර්ධන අවස්ථා එක් එක් දරුවාට වෙනස් වෙයිි. සෑම දරුවකුගේම වර්ධනයේ වේගය දළ වශයෙන් වෙනස් විය හැකිය. එනම් දරුවන් කිහිපදෙනෙකු ගත් විට යම් යම් දරුවන්ගේ වර්ධනය හා සම්බන්ධ සුළු වෙනස්කම් දැකීම අසාමාන්‍ය නොවේ. අවුරුදු 02 වන විට දරුවකුට වචන දෙක තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් වාක්‍යයක් හැදීමට හැකිියාව තිබේ. සමහර විට ඇතැම් දරුවන්ට මේ හැකියාව ලැබෙන්නේ වයස අවුරුදු 2 1/2 ක් පමණ වූ විටය. මෙය එතරම් කලබල විය යුතු කාරණාවක් නොවේ. එමෙන්ම මෙම හැකියාව ඇතිවීමට අවුරුදු 3 - 4 ක් පමණ ගතවෙන්නේ් නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

 

මුලින්ම ශරීරය පාලනය කර ගනී

දරුවකු මුලින්ම උත්සාහ කරන්නේ තමන්ගේ් ශරීරය පාලනය කර ගැනීමටය. පේශි ක‍්‍රියාකාරිත්්වය හා ඒවා එකිනෙකට සම්බන්ධ කර ගැනීමෙන් තමාගේ ශරීරය පාලනය කර ගන්නට උත්සාහ ගනී. ළමා කාලයේදී මෙම ක‍්‍රියාවලිය ඉතාමත්ම සීග‍්‍රයෙන් සිදුවෙයි. ඒ සදහා මොළය හා ස්නායු පද්ධතියේ වර්ධනයත් බලපායි. යම් විදියකින්් නිසි වයසට මෙම වර්ධනය සිදුවන්නේ නැතිනම් එය මොළයේ හා ස්නායු පද්ධතියේ ගැටලූවක් විය හැකිය. එවැනි අවස්ථාවකදී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. මෙවැනිි ක‍්‍රියාකාරකම් කරද්දී දරුවාට තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙයි. තව තවත්් ඒ දේ කරන්නට උත්සාහ කරයි. ඇවිදීම, යමක් ඇල්ලීම, ලිවීම, දණගැසීම, පෙරලීම, පිනුම් ගැසීම, උඩ පැනීම ආදී ක‍්‍රියාකාරකම් කරන දරුවාට ඒ දේ කරන්නට ඉඩ දිය යුතුය. පිනුම් ගසන දරුවාට පිනුම් ගසන්නට ඉඩදෙන්න. එසේ නොමැතිව ඔබ එය වළක්වාලීමට උත්සාහ ගනී නම් එය දරුවාගේ සෞඛ්‍ය සම්පන්නබවට හා යහ පැවැත්්මට අහිතකර ලෙස බලපායි.

 

කොටු කර තබන්න එපා

අද බොහෝ මවුවරුන් දරුවා කොටුකර තබා තමන්ගේ වැඩ කරයි. මවගේ පහසුවට එසේ කළත් එය මවක වන ඔබ නොකළ යුත්තකි. මෙවැනිි අවස්ථාවක දරුවා කොටුකර තබනවා වෙනුවට ඔබ කළ යුත්තේ දරුවා තමන්ගේ වැඩවලට සම්බන්ධ කර ගැනිමය. ඔබ නිවෙසේ පුටු මේස පිස දමද්දී දරුවාත් තමන්ට හැකි අයුරින් ඊට සම්බන්ධ වෙයි. මෙසේ හවුල් වෙද්දී දරුවා ඉන්් ඈත්් නොකරන්න. දරුවා කරන දේ් අගය කරන්න.

 

පඩිපෙළක් නගින්න දෙන්න

පඩිපෙළක් නැගීම යනු දරුවකුගේ් විශාල වර්ධන ක‍්‍රියාවලියකි. මෙසේ් පඩිපෙළ නැගීමෙන්් විශාල වර්ධන ක‍්‍රියාවලියක් සිදුවෙයිි. මෙය නොදන්නා බොහෝ මවුපියන් කරන්නේ මෙසේ නැගීමේදී එය නොකිරීමට අණ කිරීමයි. දරුවාට ඊට උදව් කරන්න. එසේ උදව් නොකර දරුවාට බාධා කළහොත් දරුවාගේ කායික වර්ධනය අඩාලවීමට හේතු වෙන බව මතක තබාගන්න. දරුවෙක් ක‍්‍රම ක‍්‍රමයෙන්් කායික ක‍්‍රියාකාරකම් සිදු කරද්දී දරුවාට තමා ගැන ආත්ම ශක්තියක් හා විශ්වාසයක් ගොඩ නැගෙයි. දරුවා තුළ ගොඩනැගෙන මේ ආත්්ම ශක්තිය හා විශ්වාසය තවදුරටත්් දරුවාගේ කායික ක‍්‍රියාකාරිත්වය සඳහා උත්තේජනයක් වන අතර එය දරුවාට සමාජගතවීම සඳහා හිතකර ලෙස බලපායි.

 

සුබෝධිනී පෙරේරා

 


RECOMMEND POSTS