සමාජ මාධ්‍ය ජාල තනිකම වැඩිකරනවා



ට්විටර්, ෆේස්බුක් සහ පින්ටරෙස්ට් වැනි සමාජ මාධ්‍ය ජාල බොහෝදෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිකිරීමට හේතුවන බව ඇමරිකානු මානසික වෛද්‍යවරු පවසති. 

ඉහත කී සමීක්ෂණය සඳහා වයස 19 ත් 32 ත් අතර වැඩිහිටියන් 2000 ක් සහභාගී වී ඇත.

දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිවන බව සමීක්‍ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳ කරන මනෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බව ද එහි සඳහන් වේ.

අදාළ අධ්‍යයනය මගින් ඉන්ස්ටග්‍රෑම්, ස්නැප් චැට් සහ ටම්බ්ලර් වැනි සමාජ මධ්‍යජාල භාවිත කරන්නන් පිළිබඳව ද අධ්‍යයනය කර ඇතසමාජ මාධ්‍යජාල තුළ දකින දෙය අත්‍යාවශ්‍යයෙන්ම යමෙකුගේ ඍණාත්මක ආකල්පවලට හේතුවක් වන බවත් සරළව පවසන්නේ නම් යමෙකු තුළ ඇති හැඟීම් වැඩිදියුණුවීමට සමාජ මාධ්‍ය ජාල තුළ දකිනදේ හේතුවන බව පැවසේ.

"සමාජ මධ්‍යජාල භාවිතය සහ සමාජයෙන් වෙන්වී ඇතැයි යන හැඟීම යනදෙක අතරින් මුලින් සිදුවන්නේ කුමක්ද කියල අපිට හරියටම කියන්න බැහැ" යනුවෙන් පවසන අදාළ අධ්‍යයනයේ සම කර්තෘ මෙන්ම පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය එළිසබෙත් මිලර් සඳහන් කරන්නේ සමාජයෙන් හුදකලා වූ බවක් දැනෙන නිසා තරුණ තරුණියන් සමාජ මාධ්‍යජාල වලට යොමුවීම සිදුවිය හැකි බවය.

එසේම සමාජ මාධ්‍ය ජාල භාවිතය වැඩිවීම හේතුවෙන් සැබෑ ලෝකය තුළ හුදකලාවීම බඳු හැඟීමක් ඇතිවිය හැකි බව ද මහාචාර්ය මිලර් පවසන්නීය.


( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.......


RECOMMEND POSTS