වෙජිටේරියන් වෙන හැටි



ශාක ආශ්‍රිත ආහාර වේලක ඇති ගුණාත්මකභාවය විවරණය කිරීමට මත්තෙන් වෙජිටේරියන් කාණ්ඩය පිළිබඳව දැනුම්වත් වී හිඳීම සුදුසුය. වෙජිටේරියන්  යෙදුමේ සාමාන්‍ය අර්ථය වන්නේ කිසියම් පුද්ගලයකු සත්ව ආහාර , සතුන් ආශ්‍රිත නිෂ්පාදනවලින් බැහැර වීමයි. 

 

ලැක්ටෝ වෙජිටේරියා

මෙය කිරි සහිත ආහාර  සහ කිරි නිෂ්පාදනයෙන් කෙරෙන චීස් , බටර් වැනි දෑ ඇතුළුව මී පැණි වර්ග එකතු කරමින් ශාක ආශ්‍රිත ආහාර ගැනීමයි. බිත්තර එකතු කරනු නොලැබේ. 

 

ඕවෝ වෙජිටේරියන්

බිත්තර ආහාරයට එකතු කර ගනිමින් සහ මී පැණි ආහාරයට  ගනිමින් ශාක ආහාරවලට හුරු වීමයි. මෙහිදී කිරි ආහාර සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන නොගැනේ.

 

ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන්ස්

බිත්තරත් , කිරි ආහාරත් ඇතුළුව සියලුම  මී පැණි වර්ග ආහාරයට එකතු කර ගනිමින් ශාක ආශ්‍රිතව ආහාර ලබා ගන්නා කණ්ඩායමයි.

 

වෙගන්ස්

මොවුන් බිත්තර, කිරි ආහාර, චීස්,බටර් වැනි ආහාර මී පැණි ආහාරයට එකතු කර නොගනිමින් තනිකරම ශාක ආහාර එකතු කර ගන්නා පිරිසයි.

 

ශාක ආහාර පමණක් ගැනීමේ වැදගත්කම

සිරුරේ බර අඩුවේ.

එංගලන්තයේදී සිදු කෙරුණු පිළිකා ආශ්‍රිත රෝගීන්ගේ පරීක්ෂණයේදී සත්ව ආහාර දිනපතා ගන්නා  පුද්ගලයන්ගේ බර අවුරුදු 05ක සිට ඉතා ශ්‍රීඝ්‍රයෙන් වැඩි වන බව සොයා ගෙන ඇත.

 

කොලෙස්ට්‍රෝල් අවදානම අඩුවේ.

මේ වන විට කොලෙස්ට්‍රෝල් ඇත් නම් එයද අඩු වේ.

 

ජීවිත අපේක්ෂාව වැඩි වේ

පිළිකා ආසාදිත සෛල වර්ධනය වීම අඩු කරයි

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසට  සත්ව ආහාර ගන්නා පුද්ගලයන්ට වඩා ශාක ආහාර ගන්නා පුද්ගලයන්ට පිළිකා අවදානම අඩු බව සොයා ගෙන ඇත.

විවධ රෝගවලට ගොදුරු නොවී සිටීමේ හැකියාව වැඩි වීම

 ශාක ආහාරවල නිධන්ගතව ඇති මේදය ඉතා අඩුය. ඉතා විශාල කෙඳි ප්‍රමාණයක් ඇත.එබැවින් සත්ව ආහාර  ගන්නා අයට වඩා ශාක ආහාර ගන්නා අය නිරෝගී වුවද ආහාර තාක්ෂණ ආයතනය මගින් පහත කරුණු අනාවරණය කර ඇත.

 

  • ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණවත්ද යන්න....
  • ආහාර අතරතුර ගන්නා කෙටි කෑම වර්ග මොනවාද?
  • කාබෝහයිඩ්ඩ්‍රේට් ආහාර මොනවාද?

 

සම්පූර්ණ යොදය සහිත කිරි සහ ඒ ආශ්‍රිත ආහාර වර්ග පිළිබඳ සැලකිලිමත්භාවය

 

වෙජිටේරියන් වෙන්නේ කොහොමද?

කාලීනව එකිනෙක අඩු කිරීමෙන් මේ සඳහා මුල පිරිය හැක. සමහරු එකපාරටම එළවළු ආහාරයට ගැනීමට යාමෙන් බඩේ අමාරුව වැනි ව්‍යාකූලතාද ඇති විය හැකිය. ක්‍රම ක්‍රමයෙන් හුරු වීම නුවණට හුරුය. සත්ව ආහාර කපා හැරීම ක්‍රම ක්‍රමයෙන් සිදු විය යුතු අතරම ඊට ආදේශක ලෙස පලතුරු, ඇට වර්ග, එළවළු එකතු කර ගන්න. ඇමරිකන් ‘ ඩයට්’ සඟරාව මගින් බර අඩු කර ගැනීමට වෙහෙසෙන ඔබ සඳහා උපදෙස් මාලාවක් ලබා දී ඇත.

 

  1. හොඳ රතු පාට ඇට වර්ග ආහාරයට එකතු කර ගන්න..(රතු හාල්, රතු සේරියල්, දුඹුරු පැහැ පිටි යොදා තැනූ පාන්)
  2. හොඳට සොයා බලන්න ඔබේ ආහාරයේ අවශ්‍ය කැලරි ප්‍රමාණය තිබේද යන වග
  3. කිරි ආහාර භාවිත කරන්න. ඔබ මේදය පිළිබඳ සැලකිලිමත් වනවා නම් මේදය රහිත කිරි භාවිත කරන්න.
  4. සතියකට බිත්තර සුදු මද 04කට වඩා ගැනීමෙන් වලකින්න..
  5. භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඔබ ගන්නේ මොනවාද යන්න හොඳින් තීරණය කරන්න.
  6. භාණ්ඩවල ඇති ලේබලය හොඳින් කියවා බලන්න..
  7. ඔබේ සෞඛ්‍ය ගැටලුවට සරිලන ආහාර විකුණන වෙළෙඳපොළ ගැන නිරතුරුව විමසිලිමත් වන්න.

 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන- මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS