විශ්‍රාමිකයින්ට වඩා මැදිවියේ අයට ලෙඩ



විශ්‍රාමික පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් මැදි වියේ කාර්යාල සේවකයන් අසුන් මත ගත කරන බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

වයස 75 ඉක්මවූ විශ්‍රාමිකයන් හා සැසඳීමේ දී දීර්ඝ වෙලාවක් රැකියාවේ නිරත බොහෝ දෙනෙකු වැඩි කාලයක් අසුන් මත ගත කරන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වාර්තා කරන බව 'ඩේලිමේල්' වෙබ් අඩවිය පවසයි.

ව්‍යායාමවලින් තොර ජීවන ක්‍රමයකට හුරු වීම තුළ දියවැඩියාව, පිළිකා සහ අකාලයේ මිය යාමට ගොදුරු වීමට ඇති ඉඩකඩ පිළිබඳ එම සොයා ගැනීම් ඔස්සේ අවධානයට ලක් කරන බවත් 'ඩේලිමේල්' වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

( තිළිණි ද සිල්වා )

ඩේලිමේල් ඇසුරෙනි.


RECOMMEND POSTS