විශ්මිත ගුණ දෙන දෙහි යුෂ



දෙහි කිව්වාහම හුග දෙනෙකට මතක් වෙන්නේ සම්බෝල. එහෙමත් නැත්නම් ලුණු මිරිස්.

දෙහි ගැන එච්චරම හොද අවබෝධයක් බොහෝ දෙනෙකුට තිබෙන බවක් පෙනෙන්නට නැත. මොකද, පොළට ගියහම දකින දෙයක් තමයි වෙළෙන්දො තමන් ගෙනාපු දෙහි විකුණ ගන්න බැරිව සමහර අවස්ථාවන් වලදි පොළ ඇතුලෙම දමා යෑම.. ගොවීන්ට දෙහි වගාකිරීමෙන් හොද ආදායමක් ලබා ගන්නත් බෑ.  

ඇත්තටම දෙහිවල ඊට එහා ගිය සෞඛ්‍යමය වටිනාකමක් තියනවා.  අපගේ ශරීර සෞඛ්‍ය මානව පවත්වාගෙන යෑම සදහා දෙහිවලින් ලැබෙන උපකාරය නම් අති මහත්.

එම නිසා අපි බලමු දෙහිවල ඇති සෞඛ්‍යමය ගුණ මොනවද  කියලා. 

  • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
  • ආහාර දිරවීමේ ක්‍රියාවලියට උදව් කරනවා
  • වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරීත්වයට උදව් කරයි.
  • සිත එකග කරගැනීමේ හැකියාව වර්ධනය කරයි
  • කෑම රුචිය වර්ධනය කරයි (ලුණු දෙහි)
  • හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුකරයි
  • ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරීවේ.
  • තුවාල වේගයෙන් සුව වීමට උපකාර කරයි
  • අස්ථි අශ්‍රීත රෝග වැළඳිමේ අවදානම අඩුකරයි
  • වමනය යෑම, ඔක්කාරය හා බස්වල ගමන්කිරීමේදි ඇතිවන වමනය යෑම ආදිය පාලනය කරයි.
  • කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සැදීම වලක්වනු ලබයි
  • ශරීරයේ ඇතිවන ආසාදන තත්වයන් අවම කරයි
  • කුරුලෑ, ලප කැලැල් ආදිය සෑදීම අවම කරයි
  • හිසකෙස් හොදින් වර්ධනය වේ

 

(අන්තර්ජාලය ඇසුරෙන්) ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS