විටමින් ඩී අඩංගු ආහාර අවශ්‍ය ඇයි කියා දන්නවාද



ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන පැහැදිලි කරයි


ලෝකයේ සංවර්ධිත රටවල නම් විටමින් ඩී ඌනතාව එතරම් දැකීමට නොහැකිය. වෛද්‍යවරුන් ජනතාව නිතර දැනුම්වත් කිරීම සහ හොඳ ආහාර වේලක් නිරන්තරයෙන් ආහාරයට එකතු කර ගැනීම නිසා මෙම රටවල ප්‍රබල ලෙස විටමින් ඩී ඌනතාව දැකිය නොහැකිය. ඒත් පොදුවේ ලෝක ජනගහනය සහ වයසට යාමත් සමඟ ඇතිවන සුලබ රෝගී තත්ත්වයක් ලෙස මෙය දැක්වීමට පුළුවන.
කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය නොවීම, වැඩිහිටියන්ගේ අස්ථිවල ඇති දුර්වලතා , ඉරි තැලීම, කැඩීම වැනි භයානක තත්ත්ව උද්ගතවේ. මේ අතර අස්ථිවල ඇති ගුණාත්මකභාවය අඩු වීම නිසා කුඩා වැටීමකදී වුවද ඒවා ලෙහෙසියෙන්ම කැඩීමටත්, ඉරිතලා යාමටත් ලක්වේ. මෙය ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. හිරු එළියේ ඇති අහිතකර හිරු කිරණ පිළිකා වර්ධනයට උපකාර කරන බැවින් හොඳ විටමින් ඩී ප්‍රමාණයක් ලබා ගත නොහැකිවේ.
මේ උදෙසා වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස නම් විටමින් ඩී අඩංගු ආහාර තමාගේ එදිනෙදා ආහාර වේලට පිටතින් හැකි පමණ එකතු කර ගත යුතු බවයි. ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු රටවලද දැකීමට හැකි සුලබ රෝගී තත්ත්ව ලෙස කැල්සියම් ඌනතාව සහ පොස්පරස් ඌනතාව හඳුන්වා දෙන්න පුළුවනි. මීට මුඛ්‍ය හේතුව වන්නේ ඔවුන්ගේ අස්ථිවලට නිසි පමණ විටමින් ඩී  නොලැබී යාමයි. මෙම විටමිනය නොලැබී යාම මත කුඩා දරුවන්ගේ  අස්ථි නිසි පරිදි වර්ධනය නොවේ. සියුම් ලෙසින් වර්ධනය වන අස්ථි ගුණාත්මක බවින් අඩුවේ. ඇතැම් මවුවරු තම දරුවන්ට මවු කිරි දීම පමණක් සිදු කෙරේ. දරුවාට අවශ්‍ය විටමින් ඩී නොලැබීම නිසා ඉතා කුඩා අවදියේම විටමින් ඩී ඌනතාවට ගොදුරු වේ. මෙය වෛද්‍ය විද්‍යාවේදී Rickets නම් රෝගී තත්ත්වය ලෙස හැඳින්වේ. වැඩිහිටි පුද්ගලයන් අතර විටමින් ඩීඌනතාව Osteomalacia යනුවෙන් හැඳින්වේ.
ශරීරයේ අස්ථි සිනිඳු වීම නිසා කොඳු ඇට පේළිය නැමීමේදී නොඑසේනම් කකුල් දෙක පහළට නැමීමේදී මාංශ පේශීවල දුර්වලතාද ඇති විය හැකියි. වෙව්ලීම වැනි තත්ත්වද ඇති විය හැකියි. එයින්ද නොනැවතී ඉරි තැලීම් වැනි තත්ත්වද ඇති විය හැකියි. අස්ථි කැඩීම් ආදී තත්ත්ව ආදියට කැල්සියම් අඩු වීම සෘජුවේම බලපාන්නකි. එමනිසා මාංශපේශීන්වල ඉතා තද රිදීමක් හට ගනී.
විටමින් ඩී විස වීම් ඉතා අඩුය. ඇතැම් විට එය පෙති වශයෙන් භාවිත කිරීමේදී සිදුවිය හැක්කකි. විටමින් ඩී විස වීම් ඇති වුවහොත් හෘදය වස්තුව, අක්මාව, වකුගඩුව වැනි සියුම් සෛල ඇති ශරීරයේ අවයව ආදියට දැඩි ලෙස හානි පැමිණේ. විස වීමේ තත්ත්වය අඩු වීම සඳහා වෛද්‍යවරයා අනිවාර්යෙන්ම රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කර බලා කිරි ආහාර අඩු කිරීමටද උපදෙස් දෙනවා ඇත.
විශේෂයෙන්ම කාන්තාවන්ගේ සරු භාවය සඳහා මෙන්ම පුරුෂ පක්ෂයට හොඳ ආයුෂ සම්පතක් ඇතිව ජීවත් වීම සඳහාද මනා පිටිවහලක් වේ. මෙම විටමිනය ඌනතාවය වඩා භයංකර රෝග තත්ත්ව සඳහා උපකාරකයක් බවටද පත්වේ. ඒඞ්ස් ආසාධිත රෝගීන්, උණ රෝගීන් සඳහාද මෙය ඉතා දරුණු තත්ත්වයක් බවට පත්වේ. අතීතයේදී මෙන් රෝග තත්ත්ව සඳහා විටමින් ඩී ප්‍රතිකාරයක් ලෙස ලබා දී තිබේ.
එසේම දීර්ග කාලීන විටමින් ඩී ඌනතාව නිසා හතිය වැනි රෝග multiple  sclerosis  (ms) වැනි තත්ත්ව සඳහාද වෛද්‍යවරුන් විටමින් ඩී ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරයි.
ඉතාම සුළු ආහර වර්ග කිහිපයක මෙම සංඝටකය දැකිය හැකි වේ. එදිනෙදා ආහාර වේල සඳහා එම ආහාර එකතු කර ගැනීම විටමින් ඩී ඌනතාවට ගොදුරු නොවී හොඳ සෞඛ්‍යයක් කුඩා දරුවන්ටත් , වැඩිහිටියන්ටත් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.


සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS