වස නැති කාබනික ආහාර



ආහාර නිෂ්පාදනය කිරීමේදී යොදන රසායනික පොහොර අපේ සිරුරට කිසිසේත්ම සුදුසු නොවේ. ආහාර කල්තබා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ වෙත ක්‍රමවත්ව ඉදිරිපත් කිරීම සඳහාද විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය ඊට එකතු කරයි.

මෙවන් තත්ත්වයක් මැද අප කන්නේ මොනවාද, අපට කෑමට සුදුසු ආහාර මොනවාද යන්න අප ඉදිරියේ ඇති බලවත්ම ප්‍රශ්නයයි. වෙළෙඳපොළේ රසය, හැඩය, මෙන්ම පැහැයට මුලාවී ගුණය අමතක කර මිලදී ගන්නා ආහාර සිරුර රෝගී කරවා ගැනුමකි.

ඉක්මන සහ ලාබය අරමුණින් රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා කාබනික ආහාර සංකල්පය දැන් දැන් බොහෝ දෙනා අතර කතාබහට ලක් වේ. කාබනික ආහාර නිෂ්පාදනයේදී ගොවියා ඉතා හොඳ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර භාවිත කරයි. කාබනික ආහාර කල් තබා ගැනුම, ඇසුරුම්කරණය වුවද රසායනික ක්‍රියාවලියෙන් බැහැරව සිරුරට හිතකාමී අයුරින් යොදා ගැනේ.

වර්තමානයේදී වෙළෙඳපොළට ඉදිරිපත් කරන එළවළු, පලතුරු පිළිබඳවද යම් අවබෝධයක් ලබා තිබීම වුවද වැදගත්ය. අප මුලින්ම මතක තබා ගත යුතු වන්නේ වැඩි පලදාවක් ලබා ගැනීමට ඉක්මනින් වෙළෙඳපොළට යැවීමට කල් පිරීමට පෙර නෙළා ඉදී ඇති බව පෙන්වීමට වර්ණ වෙනස් කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා ඇති බවයි. ඒවා අපේ සිරුරට හානිදායී සේම ජලය සමග එම රසායනික මුසු වූ විට ඉතා දූෂ්‍ය වේ.

කාබනික හෙවත් ඕගනික් ආහාර ඕගනිසම් මූල්‍ය බීජයෙන් හට ගන්නා වූ ආහාර මගින් යම්තාක් සහනයක් අපට ලැබේ. වස විස ඇතිදැයි සැක සහිත ආහාර කිසි බියක් නැතුව මේ හරහා අපට ආහාරයට ලබා ගත හැකිය.

වස විස ඇති ආහාර රටාවකට හුරු වීමට සිදුවූ අපට අපේම වත්තකින් නෙළා ගනු ලැබූ එළවළුවක හෝ පලතුරක අගය, රස දැනෙන්නේ මෙවිටය. බොහෝ ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නොවුණද සුළු බිම්කඩක වුවද එදිනෙදා ආහාර අවශ්‍යතාව අපට සපුරා ගත හැකි වනු ඇත. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සැකසුණු ආහාරයක රසය, සුවඳ  ඉතා ඉහළය.

වස විස ඇති ආහාර කෑවොත්....?

රසායනික ද්‍රව්‍ය මගින් සිරුර අභ්‍යන්තරයට එකතු කරන විස පිට වීමට මගක් නොමැති වීමෙන් ආහාර මගින් එකතු වන විසත් රැඳි පැවතීම නිසා දරුණු රෝගාබාධ හට ගැනේ.

පිළිකා රෝග, අක්මාව ආශ්‍රිත රෝග, වකුගඩු රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ආතතිය, ඉක්මනට වයස් ගත වීම, ජීවිත අපේක්ෂිතතාව හීන වීම. වඳ භාවය ආදී රෝග ගණනාවක්ම හට ගැනේ.  

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

සටහන -මාධවී  ධර්මරත්න


RECOMMEND POSTS