වයිරස මට්ටු කරන මදුරුතලා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් සිදුවේය යන්න මේ දිනවල පුවත්පත්වල ප්‍රධානතම සිරස්තලයක් බවට පත්ව තිබේ. මෙරට බලධාරීන් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය ද සමඟ ඒකව ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටතත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විවිධ පියවර ගෙන තිබේ.

මැලේරියාව මෙරටින් තුරන් කිරීම සඳහා විවිධ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග ද මේ වනවිට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යොදාගෙන තිබෙන අතර වයිරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන ඕනෑම අයකු හුදකලා කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද දැනමටත් සැලසුම් යොදා ඇත.

කෙසේ නමුත් මිනිසුන්ගෙන් නොව වෙනත් ආකාරවලින් වයිරසය රට තුළට පැමිණීමේ අවදානමක් තිබේ. ආනයනය කරන බඩු භාණ්ඩ, වාහන, ඇසුරුම්, පොදි යනාදියෙන් මෙන්ම චීනයෙන් හෝ වෙනත් තැනකින් පැමිණෙන ගුවන් යානාවලින් ද වයිරසය රට තුළට පැමිණීමේ අවදානමක් තිබේ. එපමණක් නොව සුළඟින් ද වයිරසය පැමිණීමේ හැකියාවක් තිබේ.

එම නිසා මේ ගන්නා ක්‍රියාමාර්ගවලට වඩා ඉතා ඉහළ හා ඉතා හොඳ විකල්පයක් තිබේ. එනම් අපේ සිරුරේ ප්‍රතිශක්තීකරණ හැකියාව දියුණු කිරීමය. එම නිසා අපි ජනප්‍රිය සෞඛ්‍ය සහ සුවතා වෙබ් අඩවියක් වන මර්කොලා.කොම් හි පළවූ වෛද්‍ය ජෝශප් මර්කොලාගේ ලිපියක් උපුටා දැක්වූවෙමු.

විවිධාකාර මෙන්ම වේගයෙන් පැතිර රෝගාබාධවලින් ආරක්ෂාවීමේ ආයුර්වේද ශාකයක් පිළිබඳ එම ලිපියෙන් අවධානයෙන් යොමු කර තිබිණි. එම ශාකය නම් ශුද්ධ වූ බැසිල් හෙවත් දෙමළ බසින් හඳුන්වන තුලසි ශාකයයි. අප මේ ශාකය හඳුනන්නේ මදුරුතලා නමිනි. හින්දු බැතිමත්හු මෙම ශාකයට පුද පූජා සහ ගරු සත්කාර කරති. 

ශ්‍රී ලංකාවේ සුලව වැඩෙන ශාකයක් වන මදුරුතලා පහසුවෙන් සොයාගත හැකිය. අමුවෙන් ආහාරයට ගත හැකි ශාකයක් වන මදුරුතලා සලාද හෝ සම්බෝල වශයෙන් ද සාදා ගත හැකිය. වැඩිහිටියන්ට මෙම ශාකයෙන් කොළ පහක් පමණත් වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොළ තුනක පමණ ප්‍රමාණයත් ඉතාම යෝග්‍ය වේ.

තමත් තම බිරිඳත් සෑමදිනකදීම මදුරුතලා කොළ ආහාරයට ගන්නා බව ශ්‍රී ලාංකික කෘෂිකාර්මික විද්වතෙක් පැවැසීය. පසුගිය අවුරුදු 12ක කාලයේදී තමන්ට කිසිදු වයිරස ආසාදනයකින් පීඩාවක් නොවුණු බව ද හෙතෙම කීය.

අතීත ඉසිවරු, ප්‍රාඥයෝ මෙම තුලසි ශාකයේ සුව කිරීමේ හැකියාව හඳුනාගෙන සිටියහ. අතීතයේදී මදුරුතලා නිවසේ අනිවාර්ය අංගයක් වූ අතර පැරැන්ණෝ ගෙවත්තේ වගා කළහ.

ශුද්ධ වූ බැසිල්වල ඉමිහිරි සුවයටත් වඩා එය වඩාත් ප්‍රසිද්ධ වීමට තවත් එක් හේතුවක් නම් විවිධාකාරයේ රෝගාබාධවලින් සිරුරට ඇති කරන පීඩාව සාර්ථකව මැඩ පැවැත්වීමට මෙම ශාකයට ඇති හැකියාවය. මදුරුතලා ආහාර පිසීමට යොදාගන්නා බවද අමතක නොකළ යුතුය.

මදුරුතලාවල තවත් අතුරු ප්‍රතිඵල ද තිබේ. ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු, චිකන්ගුන්යා ආදී රෝගාවලට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඒවා ඇති ඇතිවීම වැළැක්වීමට ඇති හැකියාව නිසා කොරෝනා වයිරසයට එරෙහිව ද මදුරුතලා යොදාගත හැකි යැයි විශේෂඥයෝ පවසති.

    මදුරුතලාවල වාසී :
විවිධාකාර සහ වේගයෙන් පැතිර යන රෝගවලට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව ද ඇතුළුව සිරුරේ සමස්ත ආරක්ෂිත යාන්ත්‍රණය වර්ධනය කරයි.

ඔබට ඩෙංගු වැළැඳුණහොත් ඉන් ඉක්මන් සුවයට ලැබීමට මෙම ශාකය උපකාරී වන බැවින් කොරෝනා වයිරසයට ද එය ඒ ආකාරයෙන්ම උපකාරී විය හැකිය.

සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

මෙම ප්‍රතිඵල ගෙන දෙන්නේ තුලසි, එසේත් නැතිනම් මදුරුතලා ශාකයේ පවතින ඉතා සංකීර්ණ සහ ඊට ආවේණික රසායනික එකතුව නිසාය. මෙම ශාකය බැක්ටීරියා, වයිරස, ෆන්ගී යනාදියට එරෙහිව සටන් වැදිය හැකි සහ ශරීරයේ ස්වභාවික ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන ස්වභාවික සහ ආවේණික ශාක රසායන සහ ප්‍රතිඔක්සිකාරකවලින් සමන්විතය. ස්වභාවික සහ ඊටම ආවේණික ස්වභාවික ශාක රසායනවලින් සන්නද්ධ වීම නිසා වයිරස සහ බැක්ටීරියාවලට එරෙහිව සටන් වැදීමටත් ඒවා නිසා ඇතිවන රෝග මැඩ පැවැත්වීමටත් මෙම ශාකයට හැකියාව ඇතැයි විශේෂඥයෝ පෙන්වාදෙති.

ඔබට ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා හෝ වෙනත් වේගයෙන් පැතිර යන රෝගයක් ඇත්නම් ඒ සඳහා මදුරුතලා නිර්දේශ කරන විශේෂඥයෝ පවසති. අද, වර්තමානයේ ලබාදෙන සියලු ඖෂධ සහ එන්නත්වලට වඩා තුලසි හෙවත් මදුරුතලා ප්‍රබල යැයි ඔවුහු පවසති.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමිරර් ඇසුරිනි

 


RECOMMEND POSTS