වකුගඩු බද්ධ කිරීමෙන් පසු ජීවන රටාව



ඔබට පෙරට වඩා තදින් බඩගින්න දැනේ.ඊට හේතු වන්නේ පෙරට වඩා නිරෝගී වීමත් prednisolone ඖෂධයත්ය. පරීක්ෂාකාරීව ආහාර ලබා ගත හොත් සෞඛ්‍ය දායක ශරීර ස්කන්ධයක් පවත්වා ගත හැකියි.

පලතුරු සහ එළවළු වර්ග ඇතුළත්ව කෙඳි සහිත ආහාර ගන්න.

මේද සහිත ආහාර අඩු කරන්න

ආහාර තෙලෙන් බදිනවාට වඩා අසංතෘප්ත මේද අම්ල සහිත තෙල්වලින් කෑම පිස ගන්න

සම්පූර්ණ යොදය සහිත කිරි පිටිවලින් ඈත් වන්න

සීනි ආහාර හැකිතාක් අවම කරන්න

ලුණු පරිභෝජනය අඩු කරන්න

ශල්‍ය කර්මයෙන් පසු  සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඇවිදීමට පිහිනීමට හැකිය

සෟඛ්‍ය සම්පන්න දියර භාවිත කරන්න

සැත්කම සිදුකර සති 06ක් ගත වන තුරු වාහන  පැදවීම නොකළ යුතුයි

ඔබ නිවසින් පිටතට යාමට ප්‍රථම නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගන්න

හැකි සෑම විටෙකම බෝවන රෝගවලින් ප්‍රවේසම් වන්න

ඔබට ලබා දෙන ඖෂධ හේතුවෙන් චර්ම රෝග වැළඳීමේ අවදානමක් පවතී. හිරු කිරණ සමග එන UV කිරණ මග හරවා ගැනීමට ක්‍රීම් වර්ගයක් සුදුසු පරිදි සිරුර ආවරණය කර ගන්න.

කලින් කලට සම පරීක්ෂා කර ගන්න.සමේ වර්ණයේ හෝ වෙනස් වීමක් ඇත්නම් වහා වෛද්‍යවරයකු හමුවන්න

පුරුෂ පක්ෂයට උපදෙස්

ඔබ රක්තකාන්දු පෙරණය HD සිදු කරන අතරතුර ලිංගිකව හැසිරීමේ යම් ගැටලු මතු විය හැකිය. ලිංගික අප්‍රාණිකත්වය ගැන ඔබගේ වෛද්‍යවරයා දැනුම්වත් කිරීමට ලැජ්ජා නොවන්න. සමහර රෝගීන් ශල්‍යකර්මයෙන් පසු ලිංගිකව එක් වීමේදී වකුගඩුවට හානි වේයැයි අනියත බියකින් පසුවේ. එය සම්පූර්ණයෙන්ම වැරැදි මතයකි.

එසේම ඔබ කලින් කලට වෘෂණකෝෂ පරීක්ෂා කළ යුතුයි. යම් සැක සහිත ඉදිමුවක් හෝ ගැටිත්තක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

කාන්තාවන්ට උපදෙස්

නිසි පරිදි කලින් කලට ඔබ පියයුරු පරීක්ෂා කර ගත යුතුය.සැක සහිත ගැටිත්තක් ඉදිමුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

මනා ක්‍රියාකාරීත්වයක් සහිත බද්ධ කරන ලද වකුගඩුවක් හිමි කාන්තාවකට ගැබ් ගැනීම සහ සාමාන්‍ය පරිදි සාර්ථක  දරු ප්‍රසූතියක් සිදු කර ගත හැකිය. බද්ධ කිරීමේ සැත්කම නිමවී පළමු වසර ඇතුළත ගර්භණී භාවයට පත් වීම සඳහා උපදෙස් ලබා නොදේ.ඔබට ඒ සඳහා අඩුමගානේ වසරක්වත් සිටිය යුතුවේ.

නැවත ගැබ් ගැනීමක් නිසා බද්ධ කරන වකුගඩුව මත අමතර කාර්යයක් එකතු වේ. ඔබට ලබාදෙන ඖෂධ වර්ග නිසාද දරු කළලයට හානි පැමිණේ. නැවත ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරයි නම් නියමිත උපදෙස් අනුව සුදුසු උපත්පාලන ක්‍රමයක් වෙත යොමු වන්න.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS