බෝ නොවන රෝගවලින් බේරෙන්න පියවර 8ක්.



දියවැඩියාව, හෘද රෝග, අංශභාගය, අධිරුධිර පීඩනය, පිළිකා ආදී බෝ නොවන රෝග වර්තමානයේදී සුලභව දක්නට ලැබේ. මෙම රෝගවලින් ආරක්‍ෂාවීම සදහා පහත කරුණු 8 පිළිබද සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ.

1.    උසට සරිලන බරක් පවත්වා ගැනීම.
2.    ලූණු අධික ලෙස භාවිතයෙන් වළකින්න. වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරට දිනකට අවශ්‍ය උපරිම ලූණු ප‍්‍රමාණය තේ හැන්දකි. 
3.    ට‍්‍රාන්ස් මේදය සහිත ආහාරවලින් වැළකී සිටින්න. (කෙටි කෑම, පේස්ටි‍්‍ර, කේක් ආදියේ මෙන්ම නැවත නැවතත් භාවිතා කරන තෙල්වලින් බදින ලද ආහාරයන්හි ට‍්‍රාන්ස් මේදය ඇත. ට‍්‍රාන්ස් මේදය මගින් හදවත් රෝග, දියවැඩියාව, අංශ භාගය සෑදීමේ අවධානම වැඩි කරයි.)
4.    දිනකට විනාඩි 30 බැගින් සතියකට දින පහක් සාමාන්‍ය ව්‍යායාමවල නිරතවන්න. මේ යටතේ වේගයෙන් ඇවිදීම, ක‍්‍රීඩා කිරීම, පිහිනීම, බයිසිකල් පැදීම ආදියේ නිරතවිය හැක. 
5.     අධික ලෙස සීනි පරිභෝජනයෙන් වැළකී සිටින්න. දියවැඩියාව නොමැති අයෙක් වුවද දිනකට සීනි හැ`දි 6කට වඩා පරිභෝජනය කිරීම සුදුසු නැත. ජෑම්, අයිස්ක‍්‍රීම්, පැණිබීම වර්ග, ටින්කළ පළතුරු ආදිය ආහාරයට ගැනීම අඩුකළ යුතුය.
6.    දිනකට එළවළු හා පළතුරු වර්ග 5ක්වත් ආහාරයට එක්කර ගන්න. එක් පුද්ගලයෙකු දිනකට එළවළු හා පළතුරු ග‍්‍රෑම් 400ක්වත් ආහාරයට ගත යුතුය.
7.    මත්පැන් හා දුම් පානයෙන් වැළකී සිටින්න.
8.    වසරකට වරක් රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න. රුධිර පීඩනය 140/90ට වඩා අඩුවෙන් තබාගැනීම වැදගත් වේ.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන 


සටහන
ඩයනා උදයංගනී 


RECOMMEND POSTS