බොන වතුර ගෙනියන්න සෞඛ්‍යාරක්‍ෂිත බෝතලයක්



නිතර ජලය පානය කිරීම යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සදහා හේතු වේ. ඒ නිසා ජල බෝතලයක් නිතර ළග තබාගැනීම සුදුසුය. දරුවන් පාසල් යන විට මෙන්ම බොහෝ වැඩිහිටියන් ද ගමන් බිමන් යන විට පුරුද්දක් ලෙස ජල බෝතලයක් රැගෙනයාමට සිදුකරති. නමුත් බොහෝ දෙනෙක් භාවිතා කරන බෝතල් සෞඛ්‍යයට සුදුසුද යන්න පිළිබද ගැටලූ පවතී. උදාහරණයක් ලෙස ගත්විට ඇතැමුන් පානීය ජලය සහිත බෝතලයක් මිලදී ගත් විට එම බෝතලය කාලයක් භාවිතා කරන අතර එය සෞඛ්‍යයට හිතකර නැත.

එබැවින් ජලය පානය මෙන්ම රැගෙනයාම සදහා සුදුසු බෝතලයක් තෝරාගැනීම නිරෝගී ජීවිතයක් සදහා ඉතා වැදගත්ය.

මෙහිදී අප ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කළ යුතුය. නමුත් ඇතැම් අවස්ථාවල පහසුව පිණිස අපට ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමට සිදුවේ. එහිදී ආරක්‍ෂාකාරී බෝතලයක් තෝරාගැනීම සදහා අපට එම බෝතල්වල පතුලේ ඇති කේත අංකය උපකාරී කරගත හැක.

කේත අංකය ලෙස අංක 1 යොදා ඇති කාණ්ඩයේ බෝතල් භාවිතයට සුදුසු වන්නේ එක්වරක් පමණි. මේවා අව් රශ්මියට හෝ තාපයට නිරාවරණය වූයේ නම් එක්වරක්වත් භාවිතයට සුදුසු වන්නේ නැත. උණු ජලය පිරවීමට ද මෙම බෝතල් සුදුසු නැත. අප මිලදී ගන්නා පානීය ජල බෝතල් හා සිසිල් බීම බෝතල් ද අයත් වන්නේ මෙම කාණ්ඩයටය. එබැවින් එම බෝතල් දිගු කලක් භාවිතය සුදුසු නැත.

නැවත නැවත භාවිතයට සුදුසු ප්ලාස්ටික් බෝතල් ලෙස සැලකෙන්නේ කේත අංකය 5ට ලෙස ස`දහන් බෝතල්ය. මේවා වරින් වර ජලය හා සබන් යොදා සෝදමින් භාවිතා කළ හැකි නමුත් මෙම බෝතල් ද වසර ගණනාවක් පුරා භාවිතා කිරීම සුදුසු නැත. මෙම බෝතල්වලටද තද උණු වතුර පිරවීම සුදුසු නොවන අතර පිරිසිදු කිරීමේදී තදින් මැදීම හා සේදුම්කාරක භාවිතය නොකළ යුතුය. එමෙන්ම බෝතලය ඇතුළත හානිවීමක් සිදුව ඇත්නම් භාවිතයෙන් ඉවත් කළ යුතුය.

ජල පෙරන සදහා යොදාගන්නා විශාල ප‍්‍රමාණයේ මිනරල් වතුර බෝතල්වල යොදා ඇති කේත අංකය වන්නේ 7ය. මේවා නැවත නැවත භාවිතයට සුදුසු වන නමුත් තද අව් රශ්මියට හා තාපයට නිරාවරණය වීම සුදුසු නැත. එමෙන්ම මේවා ද දුර්වර්ණ වී හැඩය වෙනස් වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කළ යුතුය. 

වීදුරු බෝතල් උණුසුම් ජලය පිරවීමට හැකි මෙන්ම එදිනෙදා භාවිතයට අනුමත කරන නමුත් බරින් වැඩිවීම හා බි`දී යාමේ හැකියාව නිසා මේවා භාවිතා වන්නේ අඩුවෙනි. මල නොබැෙදන වානේ වලින් නිම කළ බෝතල් ද මේ වන විට වෙළ`ද පොළේ ඇති අතර ඒවා දිගු කලක් භාවිතයට මෙන්ම උණු වතුර යෙදීමට ද සුදුසුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන 

 

සටහන
ඩයනා උදයංගනී 

 


RECOMMEND POSTS