බද්ධ කළ වකුගඩුව ප්‍රතික්ෂේප වුණොත්



වකුගඩු බද්ධ කිරීමකදී සැත්කම කෙතරම් සාර්ථකව සිදු කළද එය ප්‍රතික්ෂේප නොවී රැක ගැනීම උදෙසා රෝගියා සතුව විශාල කාර්යභාරයක් පවතී. මූලික වශයෙන්ම රෝගියාට නිර්දේශ කරන ඖෂධ, ගන්නා මාත්‍රාව සේම වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදීමද ඉතා වැදගත්ය. එය රෝගියා සතු යුතුකම සේම වගකීමද වේ.

වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැළැක්වීමට අදාල ඖෂධ ලබා ගත්තද එය ප්‍රතික්ෂේප වීමේ අවදානමක් පවතී. මෙය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් පළමු මාස 03 ඇතුළත සිදු වීමේ සම්භාවිතාවක් ඇත.

බොහෝ විට  බද්‍ධ කිරීමක් කරනු ලැබූ සෑම රෝගියකුටම එක් ප්‍රතික්ෂේප වීමක් අක්දැකීමට සිදුවිය හැකියි. එය වලක්වා ගැනීමට ඖෂධ ලබා දෙනු ඇත.

වකුගඩු ප්‍රතික්ෂේප වීම ඔබ හඳුනා ගන්නේ කෙසේද?

මේ සඳහා නිසි පරිදි රුධිර පරීක්ෂණ සහ අනෙකුත් විශේෂිත පරීක්ෂණ සිදු කරනු ලැබේ. එවන් අවස්ථාවක පහත ලක්ෂණ මතුවේ නම් වෛද්‍යවරයා වෙත දන්වා සිටින්න.

- පිටවෙන මුත්‍ර ප්‍රමාණය අවම වීම

- ඉතා ඉක්මනින් බර වැඩි වීම

- වළලුකර ප්‍රදේශය ඉදිමීම

බොහෝ අවස්ථාවල වකුගඩු ප්‍රත්ක්ෂේප වීම සාමාන්‍ය තත්ත්වයට පත් වේ. වකුගඩුව ප්‍රතික්ෂේප වී ඇතැයි සැක සිතෙන අවස්ථාවක වකුගඩුවෙන් කුඩා කොටසක් ලබා ගෙන

ස්කෑන් පරීක්ෂණයක් සිදු කරයි. ඇතැම් අවස්ථාවලදී  sterord ඖෂධ අධික මාත්‍රාවලින් ලබා දීමට සිදු වේ.

ඉතා කලාතුරකින් ඔබගේ සිරුරේ ස්වාභාවිකව ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රබලව බද්ධ කරන ලද වකුගඩුව ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔබට නැවත රුධිර කාන්දුපෙරණය ආරම්භ කිරීමට සිදුවේ. කෙසේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට අවසාන ප්‍රතිඵලය වෙනස් වේ.

- එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

-සටහන -මාධවී ධර්මරත්න


RECOMMEND POSTS