පොඩ්ඩන්ට කවන්නේ කල්පනාවෙන්



මවු කිරෙන් පෝෂණය වන බිළිඳාට මාස  හතරක් පිරුණු පසු ඝන ආහාර හුරු කරවීම කළ යුතුය. එසේ ඝන ආහාර ලබාදීමේදී දරුවාට ආරක්ෂිතව ආහාර ලබා දීම කළ යුතුවේ. එහි දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. ඒවා පහත පරිදි වේ.

දරුවා වෙනත් ක්‍රියාකාරකමක යෙදෙන විට එනම්, සෙල්ලම්කිරීම, හිනා හෝ අඬන අවස්ථාවලදී ආහාර ලබා නොදිය යුතුය.

ආහාර ලබා දීමේදී සෑම විටම දරුවන් වාඩි කරවා ලබා දෙන්න.

ආහාර ගන්නා මොහොතේදී ඉතා කිට්ටුවෙන් අධීක්ෂණය කරන්න.

ආහාර ලබා දීමේදී බලහත්කාරයෙන් කන්න බල කරන්න එපා.

දැඩි අවදානම් සහිත ආහාර ලබා නොදෙන්න

උදාහරණ - බිළිඳුන් හෝ කුඩාම දරුවන් වෙත, මස් හෝ චීස් කුට්ටි, මිදි, අමු එළවළු හෝ පලතුරු කුට්ටි දීම නොකළ යුතුය. ඇට වර්ග, පොරි, වෙනත් දැඩි අවදානම් සහිත ආහාර මෙන්ම රටකජු බටර්, චුවිංගම් මාස්මලො වැනි කටේ ඇලෙන දෑ දීමෙන්ද වැළකිය යුතුය.

වයසින් වැඩේත්ම දුව පැන ඇවිදිමින් ආහාර ගැනීමට දරුවා පුරුදු වනු ඇත .එනමුත් ආහාර වර්ග ඉහළට විසිකර මුඛයට ගන්නා අවස්ථාවන් වළක්වාලන්න

දරුවාගේ සෙල්ලම් උපකරණ පිළිබද අවධානය යොමු කරන්න .එහි ඇති කුඩා කොටස් දරුවා මුඛයට දමාගත හැක.

දරුවා අනතුරුදායක වස්තු වලට ලගා නොවන පරිදි තබා ගන්න. කාසි, බොත්තම බැටරි, දාදු කැට හා පෑන් කොපු ආදිය දරුවාට හසු නොවන්නට වග බලා ගන්න

කුඩා කල සිටම හොදින් හපමින් සෙමින් කන්නට උනන්දු කරවන්න.

තමන්වම පෝෂණය කරගැනීමට දරුවා උනන්දු කරවන්න.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා

සටහන- ඩයනා උදයංගනී


RECOMMEND POSTS