පෙණහලු ආරක්ෂා කර ගන්නේ කොහොමද?



ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන පැහැදිලි කරයි.

අපේ සිරුරේ ඇති ඉන්ද්‍රිය අතුරින් පෙණහලුවලට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. කුමන ඉන්ද්‍රියක් නිසියාකාරව වැඩ කළත් හොඳ පෙණහලු යුගළක් නැත්නම් නිරෝගී නොවේ.පෙණහලු යුගළයෙන් ඉටු කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ සිරුරට අවශ්‍ය පරිදි ඔක්සිජන් ලබාදී අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමයි.

කිසිඳු වෙනසක් නොමැතිව දිනපතා ක්‍රියා කරන පෙණහලු අභ්‍යන්තරයට හුස්ම ඇතුළු කර ගනිමින් එහි ඇති අනවශ්‍ය වූ කොටස් පිටතට ගෙන එනු ලැබේ. ආස්වාසය මගින් ඔක්සිජන් ලබා ගෙන ප්‍රාශ්වාසයෙන් කාබන්ඩයොක්සයිඩ් නිකුත් කරයි.

පෙණහලු නිර්මාණය වී ඇත්තේ සිය දහස් ගාණක කුඩා සුළං පිරුණු විහිදුණු ගර්තවලිනි. මෙවැනි කුඩා ගර්ත අපේ පෙණහලුවල මිලියන 300 කටත්  වඩා ඇත. ටිෂූ කඩදාසියකටත් වඩා සියුම්ව පෙණහලුවල අන්තර්ගත වේ.

අපේ ජීවිතයේ මනා සමතුලිතතාවක් සඳහා දෛනිකව පෙණහලු මගින් ඉටු කෙරෙන කාර්යය අතිමහත්ය. සිරුරට විස ඇතුළු වීමේදී සහ විස බීජවලට එරෙහිව සටන් කිරීමේදී පෙණහලු ඉතා විශේෂිත අවයවයකි. පෙණහලුවල ඇති සිහින් කෙඳි නිසා කැස්ස මගින් ශරීරයේ අභ්‍යන්තරයට ඇතුළු වන බැක්ටීරියා පිටතට ගෙන එයි. එනම් බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි. 

 

පෙණහලුවල නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීම

මේ සඳහා මුලින්ම කළ යුතු වන්නේ දුම් පානය අත් හැරීමයි. දුම් පානය මගින් පෙණහලු අභ්‍යන්තරයේ ඇති සියුම් කෙඳි විනාශ කර දමයි. මෙනිසා පෙණහලුවල සමතුලිතතාව බිඳ වැටේ. මෙනිසා සිරුරට ඇතුළු වන විස පිටතට ගැනීමට තිබුණු අවකාසය මග හැරේ. 
අපිරිසුදු වාතාශ්‍රයක් ඇති තැනකට යාමෙන් එහි ගැවසීමෙන් වැළකිය යුතුය. විශේෂයෙන් විස සහිත, රසායනික ද්‍රව්‍ය ඇති ස්ථානවලට යාමෙන් වළකින්න. මහා මාර්ගවල ගැවසීම අඩු කිරීම, අඩු විදුලි උපකරණ භාවිතය, අනාරක්ෂිත කර්මාන්තශාලාවලට ඇතුළු නොවීම ආදිය කළ හැකිය. 

ව්‍යායාම කිරීමද හොඳ පෙණහලු සඳහා වැදගත් සාධකයකි. මාංශ පේශි නිසි වර්ධනයට, නිසි ක්‍රියාකාරිත්වයට හොඳ පෙණහලු යුගලක් පවත්වා ගැනීමට ව්‍යායාම උදවු වෙයි. දිනකට විනාඩි 30ක් පමණ ව්‍යායාම කිරීම නිසා සිරුරට ඇතුළු වන මනා ඔක්සිජන් ප්‍රතිශතය හේතුවෙන් නිරෝගී පෙණහලු යුගළක් පවත්වා ගත හැකිවේ.


සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS