පිළිකා හදන ක්ෂනික ආහාර !



කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත.

මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය.

පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති.
සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද?

•මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග

•පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග

•චොකලට් සහ පැණි රස වර්ග

•සෝඩා සහ පැණි බීම වර්ග

•මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets)

•ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග

•ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර

•සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර

පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි.

අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි.

(තිළිණි ද සිල්වා)

බීබීසී ඇසුරෙනි.


RECOMMEND POSTS