පිළිකා රෝගීන්ට ගස්ලබු ගුණයි



අපේ රටේ ඉතා සුලභව දැකිය හැකි පලතුරක් ලෙස ගස්ලබු හඳුන්වා දීමට හැකිය. ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය ගස්ලබුවල ඇති විසහරණ හැකියාව නිසා ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවකි. 

 

ගස්ලබුවල ඇති ගුණය

මෙහි අන්තර්ගත pro vitamin, විටමින් ඒ, විටමින් බී, dietary fiber ගස්ලබු සම, මදය, ඇට අඩංගු වන phyto chemioals නිසා natural phenols, panielone, phytoaleein අන්තර්ගත වේ.

 

ජෙලි සහ තේ පානයක් ලෙසත්.......

pectin නම් එන්සයිමය නිසා ස්වභාවිකව සාදන ජෙලි සඳහා යෝග්‍ය වේ. සමහර ඉන්දීය ප්‍රාන්තවල ජනයා මෙහි පත්‍ර තම්බා තේ පානයක් ලෙස සකසා ගනී. ඒ මැලේරියා රෝගයෙන් ආරක්ෂා වීමටයි. 

 

ෂැම්පු සහ කන්ඩිෂනර් වශයෙනුත්........

අමු සහ ඉදුණු ගස්ලබුවල papain එන්සයිමය ඇතුළත් වීමෙන් මස් සහ ප්‍රෝටීන මෘදු කිරීමේ ක්‍රියාවලිය ඇරැඹේ. හිස කෙස් ගැලවී යාමට ප්‍රතිකර්මයක් ලෙස ගස්ලබු යොදා ගැනේ.ඒ ෂැම්පු සහ කන්ඩිෂනර් ලෙසිනි.

 

පිළිකා රෝගීන්ට හොඳ ආරංචියක්........

ඔබ පිළිකා රෝගයෙන් පෙළෙනවානම් ගස්ලබු ආහාරයට ගැනීම පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොවේ. මොවුන්හට දිනපතා වුවද ගස්ලබු ආහාරයට ගත හැකිය. මෙමගින් සිරුරේ විසහරණය වේ. 

 

ආහාර ජීරණය පහසු කරවයි.......

විටමින් ඒ, විටමින් සී, බේටා කැරොටින් වැඩිපුර අඩංගු නිසා හොඳ ජීව පටකයකි. විශේෂයෙන්  proteolytic  එන්සයිමය නිසා ආහාර දිරවීම අපහසු, මේද අධික ආහාර දිනපතා අනුභව කරන පුද්ගලයන්ට ඉතා පහසුවෙන් ආහාර දිරවීම පහසු කරවයි. 

 

මඳ සරුභාවයට පිළියමක්......

රස මෙන්ම ගුණද ඇති මෙහි arginine නැමැති එනිසයිමය ඇත. එය වෛද්‍ය විද්‍යාවේදී පුරුෂ පක්ෂයේ උත්තේජනයක් ලෙස භාවිත වේ. ඒ අනුව පුරුෂ පක්ෂයේ මඳ සරුභාවයට ඖෂධයක් ලෙස භාවිත වේ. 
 arginine නම් මෙහි erectile dysfunction නම් රෝගය සඳහා ඔසුවකි. එය ගස්ලබුවල ස්වභාවිකවම ඇතුළත්ය.

 

ගස්ලබු සහ පිපිඤ්ඤා පානය.....

මෙය බඩවැල ආශ්‍රිත තුවාල, ඒ ආශ්‍රිත දැවිල්ල, මුත්‍ර ආසාදන, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග, අක්මා රෝග, වකුගඩු රෝගවලට ඉතා හොඳය. 

 

කොලෙස්ට්‍රෝල් රෝගීන්ටයි මේ ආරංචිය.......

ගස්ලබු කෑම මගින් සිරුරේ තැම්පත් වන කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය අඩු කරවයි. එසේම සිරුරේ ඇති කොලෙස්ට්‍රෝල් දිය කර හරී.

 

සෙම්ප්‍රතිශ්‍යාව, උණ ආසාධනයට එරෙහිව.......

chymopapain එන්සයිමය නිසා සෙම්ප්‍රතිශ්‍යාව,  උණ වැනි ආසාදන තත්ත්ව මැඩලයි. 


ලෙඩ රෝග රැසකටම ගුණයි......

papain ප්‍රෝටීන විනාශ කරමින් පරණ ටිෂූ අයින් කරමින් අලුත් ටිෂූ නිර්මාණය කරයි. සමේ රෝග, සිරෝසිස් වැනි රෝගවලට ගුණයි. 

එසේම දියවැඩියාව type A, type B රෝගීන්ට , අධි රුධිර පීඩනය ඇති අයට , ඇදුම රෝගීන්ට ඉතා ගුණදායී පලතුරකි.


ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන - මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS