පිපිඤ්ඤාවල ගුණ



 


ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන පැහැදිලි කරයි

වැලක් ආකාරයට ගස්වල එතෙන පිපිඤ්ඤා ශාකය ඉතාම හොඳ ගුණාත්මක තත්ත්වයෙන් අනූන එළවළුවකි. එය ස්ලයිසින්ග්, පික්ලින්ග්,බර්ක්ලෙස් ලෙස වර්ග 03කි. දකුණු ආසියානුවන් විසින් සොයා ගත් මෙයින් හොඳ ඵලදාවක් ලබා ගත හැකිවේ. 
පිපිඤ්ඤා ග්‍රෑම් 100ක ඇති පෝෂණ ගුණය

  • ශක්තිය ග්‍රෑම් 65,
  • කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.63,
  • සීනි  ග්‍රෑම් 1.67, කෙඳි ග්‍රෑම් 0.5,
  • මේදය ග්‍රෑම් 0.11,
  • ප්‍රෝටීන් ග්‍රෑම් 0.65,
  • විටමින් බී -1 මිලි ග්‍රෑම් 0.027,
  • විටමින් බී-2 0.033,
  • පටල විටමින් බී-3 මිලි ග්‍රෑම් 0.098,
  • විටමින් බී-3 මිලි ග්‍රෑම් 0.098,
  • විටමින් බී-5 මිලි ග්‍රෑම් 0.259,
  • විටමින් බී-6 මිලි ග්‍රෑම් 0.04,
  • විටමින් බී-9 මයිකෝ ග්‍රෑම් 7,
  • විටමින් සී මිලි ග්‍රෑම් 2.8,
  • විටමින් ඒ මයිකෝ ග්‍රෑම් 16.4
  • ඛනිජ වර්ග
  • කැල්සියම් මිලි ග්‍රෑම් 16
  • යකඩ මිලි ග්‍රෑම් 0.28
  • මැග්නීසියම් මිලි ග්‍රෑම් 13
  • මැංගනීස් මිලි ග්‍රෑම් 0.079
  • පොස්පරස් මිලි ග්‍රෑම්  24
  • සෝඩියම් මිලි ග්‍රෑම් 2
  • සින්ක් මිලි ග්‍රෑම් 0.2
  • ජලය මිලි ග්‍රෑම් 95.23
  • ෆ්ලෝරයිඩ් මයික්‍රෝ ග්‍රෑම් 1.3

 

 ( ඇමෙරිකානු ආහාර පිළිබඳ සංගමය විසිනි.)


පිපිඤ්ඤා අමුවෙන් හෝ වෑංජනයක් පරිද්දෙන් පිස ආහාරයට ගත හැකියි. 

 


ස්ලයිසින්ග් වර්ගය

පිසින්නේ නැතිව අමුවෙන් ආහාරයට ගත හැකිය. උතුරු ඇමෙරිකාවේ වැඩිපුර දක්නට ලැබෙන මෙය බෝතල් කිරීමට සහ අච්චාරු දැමීමට යොදා ගැනේ. 


පික්ලින් පිපිඤ්ඤා

ආහාර රසකාරකයක් මෙන්ම අච්චාරු ලෙස සකසා කාලයක් කල් තබා ගත හැතිය. එහෙත් අච්චාරු දැමීමේදී මේවායෙහි අන්තර්ගත විටමින් සී විනාශ වේ. 


බර්ක්ලෙස් පිපිඤ්ඤා

අනෙක් වර්ගවලට වඩා පැණි රස සහ සිනිඳු පොත්තක් ඇත. ප්‍රසන්න රසකින් යුතු අතර දිරවීමට පහසුය. 


ලෙබනන් පිපිඤ්ඤා

ප්‍රමාණයෙන් කුඩා වන මෙයට හොඳ රසක්, මනා සුවඳක් ඇත. 

දකුණු දිග ආසියාවේ වැවෙන පිපිඤ්ඤා
වසර පුරාම දැකිය හැකි මෙය සලාද සහ අච්චාරු සඳහා වේ. මද වශයෙන් නැමෙන සුළුයි. 


ඉරාන පිපිඤ්ඤා

වසර පුරාම දැකිය හැකි අතර කපා සුද්ද කළ පසු ආහාරයට ගත හැකිය. 


අරාබි පිපිඤ්ඤා

කුඩා වුවත් පැණි රසයි. 


දෝසකායි(කහ පැහැති පිපිඤ්ඤා)

ඉන්දියාවේ දක්නට ලැබේ. රවුම් හැඩැතිය. සම්බාරු සහ සුප් සඳහා යොදා ගැනේ. කැලිෆෝනියාවේ වගා කෙරෙන ව්‍යාපාරික භෝගයක් වන අතර මීට ආවේණික මෙරටේ කැකිරි වර්ගද ඇත. 


ඇමේනියන් පිපිඤ්ඤා

දිගු හැඩැතිය. මේවා බොහෝදුරට මැද පෙරදිග රටවල දක්නට ලැබේ.

 

සටහන- මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS