නිරෝගිමත් හදවතක් සඳහා හොඳ ආහාර පාන



ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

කිසිම පුද්ගලයෙක් රෝගී වීමට කැමති නැත. සියල්ලන්ගේම පැතුම නිරෝගිමත් සෞඛ්‍යයකි. නිරෝගිමත් සෞඛ්‍යයක් යනු වැඩි ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳීමට ලැබෙන ජීවිත භාග්‍යයකි. හොඳ සෞඛ්‍යයක් සඳහා නිවැරැදි ආහාර රටාවකටඅප පුරුදු විය යුතුයි. අද අපි මූලිකවම අවධානය යොමු කරන්නේ හදවතට සුදුසු ආහාර මොනවාද යන්නයි.

හදවතට හොඳ ආහාර අතර මේදය අඩු ආහාර මෙන්ම මේදය රහිත ආහාරද ඇතුළත් වේ. හදවතේ යහ පැවැත්මට ලුණු අඩු කර කෙඳි සහිත ආහාර ගැනීම (පලතුරු,එළවළු),ඇට වර්ග ආහාරයට ගැනීම සුදුසුයි. හදවතේ මාංශ පේශී සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන අතර ඒවා නිර්මාණයට කෙඳි සහිත ආහාර අවශ්‍ය වේ. එබැවින් කුඩා කාලයේ සිටම දරුවන්ට කොළ, පළා වර්ග ,කෙඳි සහිත ආහාර ,පලතුරු ආහාරයට ගැනීමට පුරුදු කළ යුතුයි. 

 

නිරෝගී හදවතකට වඩාත් සුදුසු කුමන ආහරද?
අලුත් එළවළු, කොළ වර්ග(සලාද වැනි), අලුත් පලතුරු,වියැළුණු පලතුරු(වේලපු අන්නාසි සහ පීච් ආදිය), මේදය අඩංගු නැති ආහාර(fat free), මේදය අඩු ආහාර(low fat), දරුවන්ට මේදය අඩංගු කිරි ආහාර, (චීස් වැනි), ඇට වර්ග, මුළුමනින්ම ඇට වර්ගවලින් සෑදූ ආහාර,විශේෂිත පලතුරු වර්ග,වියළි ඇට වර්ග, කහ සහ කොළ පැහැති බෝංචි, කළු චොකලට් වැනි ආහාර ඉතා සුදුසුයි. 
ඒවගේම පරිප්පු, කඩල, මුං ඇටවලට අමතරව ලෝස්ට්, ආමන්ඩ්, වොල්නට් ඉතාම සුදුසුය. මේවාවල ඇති ශරීරයේ නොබැඳෙන මේදය බැඳී ඇති මේදය ඉවත් කරයි. හදවතේ ඇති මාංශපේශීවල රුධිරය ගෙන යන ධමනි මේදයෙන් පිරී ගියොත් හදවත් රෝගයක පෙර නිමිත්තකි. එබැවින් මේදය නොබැඳෙන ආහාර අපි ගත යුතුයි. ඇට වර්ගවල ඉතා ඉහළ ප්‍රෝටීන්  ප්‍රතිශතයක් ඇත. ඒවා ආහාරයට ගැනීමෙන් දිනකට සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය සපුරා ගත හැකිය. ශරීරයේ තැම්පත් නොවන මේදය (unsaturated fat)එච්.ඩී.එල්. වැඩි කිරීම මගින් ශරීරයේ බැඳෙන නුසුදුසු එල්.ඩී.එල්. කොලෙස්ට්‍රෝල් අඩු කිරීමට හැකියාව ලැබේ. මේවායෙහි ඇති ඇමයිනෝ ඇසිඩ් (amino acid) එසේත් නැත්නම් ගෑස් හදවතේ ධමනිවලට විවේකයෙන් තම කාර්යය කිරීමට උපකාර වන නිසා ධමනිවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවේ.

තව දුරටත් හදවතට හොඳ ආහාර ලැයිස්තුවක් පහත දැක්වේ. 

ඇට වර්ග අඩංගු පාන්, සම ඉවත් කර ගත් කුකුල් මස්වල පපුව ප්‍රදේශය, සාලමන් නැමැති මාළු වර්ගය, හතු වර්ග, රතු හාල්, බාර්ලි, වීට් පිටි, කුඩා මාළු වර්ග,(high in omega 3), ඇපල්, දෙළුම්, ස්ට්‍රෝබෙරි, බ්ලූ බෙරි, කළු චොකලට්, වොල්නට්, බෙරි වර්ග(කැන් බෙරි,රොස්ට් බෙරි, දං වර්ග,),හණ ඇට(flax seeds omega 3) බෝංචි, ටෝෆු, කැරට්,බතල, රතු මිරිස්, නිවිති,දොඩම්, ගස් ලබු,ඇස්පැරගස්, තක්කාලි, බ්‍රොකෝලි,සාඩින්, ලිවර්, තරමක් කෝපි බීමද සුදුසුය. 

ඊට අමතරව ග්‍රීන් ටී, සෝයා කිරි, වියළි මිදි, මල් ගෝවා, වට්ටක්කා, අලිගැට පේර, ඒවායින් සැදූ තෙල්,ඔලිව් තෙල් සුදුසු වේ.


සටහන- මාධවී ධර්මරත්න

 

 


RECOMMEND POSTS