දියවැඩියාව ගැන අලුත් තොරතුරු



දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති.

දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය.

නමුත්, රෝගයේ වඩා සංකීර්ණ තත්ත්වය තමන් විසින් සොයාගන්නා ලද බැවින් පුද්ගලබද්ධව දියවැඩියාවට ප්‍රතිකාර කළ හැකි සමයක් උදාවනු ඇතැයි ස්වීඩනයේ හා ෆින්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායම පවසති.

විශේෂඥයින් පෙන්වාදෙන්නේ අනාගත දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය වැදගත් පණිවිඩයක් දෙන නමුත් දැනට කෙරෙන ප්‍රතිකාරවලට ඉතා ඉක්මණින් වෙනස්කම් නොකෙරෙනු ඇති බවය.

ලොව පුරා සෑම වැඩිහිටියන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දියවැඩියාවේ බලපෑමට ලක්වී ඇති අතර, හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු අක්‍රියවීම් මෙන්ම පාද ඉවත්කිරීමේ අවදානම ඉහළ යාමට එම රෝගය හේතු වේ.

Type 1 දියවැඩියාව යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයකි. එය ශරීරයේ 'ඉන්සියුලින්' නිෂ්පාදනාගාරවලට (බීටා සෛල) දරුණු ලෙස පහර දෙන අතර එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා ප්‍රමාණවත් හෝමෝන නොමැති වේ.

Type 2 දියවැඩියාව බහුලවම දුර්වල ජීවන රටාව නිසා ඇතිවන රෝගයක් ලෙස දකින්නට ලැබෙන්නේ 'ඉන්සියුලින්' ක්‍රියාකාරීත්වය කෙරෙහි සිරුරේ මේදය බලපාන බැවිනි.

මෙම පර්යේෂණයේ යෙදුන ස්වීඩනයේ 'ලන්ඩ්' සරසවියට අයත් දියවැඩියා මධ්‍යස්ථානයේ හා ෆින්ලන්තයේ අණුක වෛද්‍ය ආයතනයේ විද්‍යාඥයින් පිරිස රෝගීන් 14,775 කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන්ගේ රුධිරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විශ්ලේෂණ ද ඊට ඇතුළත් කර ගත්හ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS