ගර්භණී සමයේදී මවගේ පෝෂණය



ගර්භණී කාලයේදී මවගේ පෝෂණය ඉතාම වැදගත් සාධකයකි. හිතෙන දකින හැම ආහාරයක්ම මෙම කාලයේදී අනුමත කෙරෙන්නේ නැත. ගර්භණී සමයේදී මව ගන්නා පෝෂ්‍යදායී ආහාර වේල තම කුස තුළ සිටිනා සිඟිත්තාගේ නිරෝගීභාවයටද වැදගත් වන බව මතක තබා ගත යුතුයි. 

පහත ආහාර ඔබ එකතු කර ගන්න එපා....

  • භාගෙට පිසූ බිත්තර
  • භාගෙට සැකසූ මස් වර්ග
  • මධ්‍යසාර
  • අමු මාළු සහ සුෂි
  • අධි සාන්ද්‍රණයෙන් යුත් කැෆේන් වර්ග

එක් එක් වර්ගවලට අයත් ඇතැම් පිසූ මාළු වර්ග (මීට මෝර මාළු, තලපත්, මැකරල් මාළු වර්ග අයත් වේ.)
නියමිත ප්‍රමිතියකට නැති, පිළිවෙළකට පැකට් නොකළ ආහාර (මෙහිදී බීම වර්ග, චීස් සහ කිරි වර්ග වැනි දෑ පිළිවෙළකට පැකට් කර නැත්නම් ඔබට ප්‍රතික්ශේප කළ හැකියි.)
 
පහත දැක්වෙන මේ ආහාර ඔබ ආහාරයට එකතු කර ගන්න.

  • අලිගැටපේර
  • ගර්භණී සමයේදී නිර්දේශ කර ඇති මේදය අඩංගු මාළු වර්ග
  • හරිත පැහැ කොළ වර්ග ( සලාද කොළ වැනි)
  • ඇට වර්ග
  • කරල් භෝග
  • යෝගට්
  • ඕට් නම් ධාන්‍ය විශේෂයෙන් සැකසූ ආහාර
  • මේදය අඩු මස් වර්ග 

 

(අන්තර්ජාලය ඇසුරෙනි) 
සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS