කොලෙස්ට්‍රෝල් අඩුකරන පිලිකා සෛල මඩින ලූනු



 

ආචාර්ය-චන්දිමා විජේගුණවර්ධන

 

 

ලොව වඩාත්ම භාවිතයට ගැනෙන එළවළුව ලෙස ලූනු හඳුන්වා දිය හැකිය. ලූනු වර්ග කිහිපයක්ම ඇති අතර වැඩිපුර වගා කෙරෙන්නේ බල්බ් නැමැති ලූනු වර්ගයයි. ඒවා බොහෝ පිරිසක් ආහාරයට එකතු කර ගනී. ලූනු තවාන වර්ගයට අයත් වේ.

ලූනුවල ගුණ

ලූනුවල ඇති ප්‍රබලම ගුණය වන්නේ ඒවායෙහි අඩංගු පිනොලික්ස් සහ ෆ්ලෙවනොයිඩ් නිසා කොලෙස්ට්‍රෝල් අඩු කරයි. පිළිකා සෛල මර්දනය කරයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි එදිදො රෝගවලින් ආරක්ෂා වේ. එසේම සිරුරේ විස හරණය කරමින් සුවසේ නිදා ගැනීමට ඉඩ සලසයි. මාංශ පේශී වර්ධනයටද ලූනු ඉවහල් වේ.

අතීතයේදී ලූනු භාවිතය

ලූනු වැඩිපුර ආහාරයට එකතු කළ විට සම පිරිසුදු වන බවට රෝමානුවෝ විශ්වාස කළ බැවින් සිරුර සම්භාහනය කිරීමට ලූනු යොදා හැදූ තෙල් භාවිත කර ඇත. සමහර ලෙඩ රෝගාදියට ඖෂධයක් ලෙසද ලූනු ආහාරයට එකතු කර ගැනීම වෛද්‍ය නියමයයි. ඒ අනුව ආහාර ජීරණය පහසු කිරීම, හිස රුදාව, කැස්ස, හිසකෙස් ගැලවී යාමේදී වැනි රෝග සඳහා ලූනු අනුමත කර ඇත. එමෙන්ම කාන්තාවන්ගේ මද සරු භාවය සඳහාද ලූනු ආහාරයට ගැනීමටද අනුමත කර ඇත.

ලූනුවල ඇති ගුණ අගුණ හඳුනා ගනිමු. (100 ට)

ශක්තිය  9.34 g

සීනි       4.24 g

කෙඳි     1.7 g

මේදය    0.1 g

ප්‍රෝටීන් 1.1 g

 

අඩංගු විටමින් වර්ග - B  0.046 mg , B 2- 0.027 mg, B 3- 0.116 mg, B 5- 0.123 mg, B 6- 0.12 mg, B 9- 19 ug,

ඛනිජ වර්ග

කැල්සියම්-23 mg

යකඩ      -0.21 mg

මැග්නීසියම්- 10 mg

මැංගනීස්    -0.129 mg

පොස්පරස්  -29 mg

පොටෑසියම් -146 mg

සින්ක්          -0.17 mg

අනෙකුත් ද්‍රව්‍ය

ජලය       -89.11 g

ෆ්ලෝරයිඩ්-1.1 ug

ලූනු ඉස්මේ ඇති ගුණ

ශරීරයට ඇතුළුවන විසබීජ සමඟ සටන් කර ඒවා නසන බැවින් මනා විසහරණ ගුණයක් ඇත. මුඛයේ ඇතුළත විසබීජ නසයි. මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකීමට සමට කරන ආලේපනයක් ලෙසද භාවිත කෙරේ. හිසකෙස් වැටීමට පිළියමක් ලෙසටත් රැලි වැටී ඇති මුහුණකට ඒවා අවම කර ගැනීමටත් උපයෝගී වේ.

polish නමැති කණ්නාඩි විශේෂය නිෂ්පාදනයේදී භාවිත කෙරේ. ඒවායේ යකඩවල ඇති විස ශරීරයට උරා ගැනීම අඩු කිරීමට ලූනු යොදා ගනී. කොලෙස්ට්‍රෝල්. පිළිකා සේම විස සහිත තත්ත්වයෙන් මිදීමට ලූනු මනා ඔසුවකි.

ලූනුවල ඇති අසාත්මිකතා

සමහරුන්ට ලූනුවලින් විවිධ අසාත්මිකතා ඇතිවේ. සමෙහි වෙනස්වීම් මෙන්ම කැසීමද ඇති කරයි.

 

ලූනු කැපීමේදී ඇස්වලින් කඳුළු එන්නේ ඇයි?

ලූනු කැපීමේදී සල්ෆනික් ඇසිඩ් ගණයට ඇතුළත් ඇමයිනෝ ඇසිඩ් පිටවීමෙන් ඇසේ සෛලවලට හානි සිදුවේ. මෙම ක්‍රියාවලිය නිෂ්පාදනයේදී ගෑස් වායුවත් සමඟ ඇස ගැටේ. ක්ෂණිකව දැනෙන නියුරෝන්ස් ක්‍රියාවලිය නිසා කඳුළු ගලයි.

තඳුළු ඒම මඟින් ඇස මතුපිටට පැමිණ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වේ. ගලා යන වතුර ළඟ සිට හෝ වතුර පිරවූ භාජනයක් ළඟ තබා ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකිය. ලූනු ගෙඩියේ යට කොටස තපා ඉවත් කර ගැනීමද සරල ප්‍රතිකර්මයකි. හේතුව යට කොටසේ සල්ෆර් වැඩි ප්‍රමාණයක් අඩංගු වීමයි.

 

 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන ගැන...  

සෞදි අරාබියේ ප්‍රින්සස් නූරා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එමෙන්ම සෞදි අරාබියේ කේ.එස්.ඒ. චැනල් 2 නාලිකාවේ දිනපතාම උදෑසන 7.15ට  ඉංග්‍රීසි භාෂාවෙන් විකාශය කෙරෙන නිරෝගිමත් සෞඛ්‍යයක් අළලා කෙරෙන සෞඛ්‍යය හමුවටද සහභාගී වේ. මීට අමතරව මැලේසියාව, පින්ලන්තය සහ පකිස්තානයේ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරියක් වශයෙන්ද කටයුතු කරයි.

 

සටහන- මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS