ඔබේ කතා විලාසය නිසා ඔබට දොස් අහන්න වෙනවද?



රැකියා ස්ථානයේ දී කවුරුන් හෝ පැවසූ දෙයක් නිසා ඔබේ සිත සතුටට හෝ රිදවීමකට පත්වූ අවස්ථාවක් මතකයට නඟා ගැනීමට හැකිද? වචනයකට එලෙසින් අපේ සිතිවිලිවලට බලපෑම් කිරීමට නම් එම වචන තුළ කෙතරම් නම් බලයක් අන්තර්ගත වී තිබිය යුතුදැයි මොහොතක් සිතන්න. වචන යනු අප සන්නිවේදනයේදී භාවිතා කරන එක් අංගයක් පමණි. නමුත් අපගේ ජීවිතවලට අසීමිත බලපෑම් එල්ල කිරීමේ හැකියාව වචන සතුව තිබේ. සන්නිවේදනය තුළ ඇති මෙම බලය නිවැරදි ලෙසත්, ඵලදායී ලෙසත් අපගේ කාර්ය සඳහා යොදා ගැනීමට අප තුළ ඇති හැකියාව සන්නිවේදන කුසලතාව ලෙස හැඳින්වේ. මෙය අපූර්ව කලාවකි. මෙම කලාව ඔබේ රැුකියා ජීවිතය සාර්ථක කර ගැනීමට උපයෝගී කර ගත හැක්කේ කෙසේද? අපි මේ පිළිබඳව සාකච්ඡුා කරමු. අප විසින් සිදු කරන කාර්යයන් සඳහා සන්නිවේදනයේ ඇති වැදගත්කම හා බලපෑම තවමත් නිවැරදිව හඳුනාගෙන නොතිබීම රැුකියා ක්ෂේත‍්‍රය ආශි‍්‍රතව දක්නට ලැබෙන ප‍්‍රධානම ගැටලූවකි. රැුකියාව සම්බන්ධව හෝ රැුකියා ස්ථානයේ ඔබ සමඟ කටයුතු කරන පුද්ගලයින් හා යම් ගැටලූකාරීත්වයක් ඇත්නම් ඒ පිළිබඳ හොඳින් සිතා බලන්න. එහි කොතැන හෝ තැනක වැරදි සන්නිවේදනයක් හෝ නිවැරදිව සන්නිවේදනය නොවීමකට අදාල හේතුවක් බොහෝ දුරට පැවතිය හැකියි. එයට හේතුව ඔබේ සන්නිවේදනයේ ස්වරූපය බව ඔබ අවබෝධ කරගෙන තිබේද? සාර්ථක සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ. එසේම එය සිතන තරම් පහසු දෙයක්ද නොවේ. එය මු`ඵමනින්ම රඳා පවතින්නේ ඒ සඳහා ඔබ ලබා දෙන සැලකිල්ල හා ඔබ දරන්නා වූ උත්සාහය මතයි.

 

සන්නිවේදනයට අදාළ වනුයේවචන පමණක් නොවේ.

සන්නිවේදනය සම්බන්ධයෙන් ඔබ තුළ ඇති දැක්ම පුළුල් කර ගැනීම රැුකියා ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වේ. සන්නිවේදනය යැයි කියූ විගස අපේ සිතට නැගෙන්නේ වචන සහ පණිවිඩ හුවමාරුවයි. එහෙත් සන්නිවේදනය යනු හුදෙක් වචනවලට සහ පණිවිඩ හුවමාරුවට සීමා වූ දෙයක් නොවේ. අප සමඟ සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන්ගේ වචන පමණක්ම නොව ඉරියව්, හැසිරීම්, කට හඬේ ස්වභාවය, ඇස යොමු කරන ආකාරය වැනි අවාචිකව සිදු කරන සන්නිවේදනයන් පිළිබඳව ද අප අවධානය යොමු කරන බව මොහොතක් නැවතී සිතන ඔබට අවබෝධ වනු ඇත. එසේ නම් සැම විටම ඔබේත් එම ඉරියව් නිවැරදිව හසුරුවන්නට දැනුවත් විය යුතුය. සන්නිවේදනයේදී වචන ගණනාවකින් කළ නොහැකි දෙයක් මෙවැනි එක් අවාචික සන්නිවේදනයකින් හඳුනා ගැනීමටත්, ප‍්‍ර‍්‍රකාශ කිරීමටත් හැකිය. ඒ අනුව සන්නිවේදනයේදී නිසි සවන්දීම යනු ඉන්ද්‍රියන් සියල්ලෙන්ම ඇති කරගනු ලබන සංවේදීතාව බව අප අවබෝධ කර ගත යුතුය.

 

අන් අයව අවබෝධ කර ගැනීමේ හැකියාව

අපි බාහිරින් සන්නිවේදනය කරන ඕනෑම තොරතුරක් පිළිබඳ යම් විනිශ්චයකට හෝ නිගමනයකට එළඹෙන්නේ අප තුළ ඇති දැනුම, ආකල්ප, විශ්වාස, වටිනාකම් ආදිය පදනම් කර ගෙනය. ඒ අනුව ඔබ යම් කරුණක් පිළිබඳ, විශේෂයෙන්ම යම් සිද්ධියක් හෝ යම් පුද්ගලයෙක් පිළිබඳව ගනු ලබන තීරණයක් වැරදි හෝ නිවැරදි වීමට සමාන ඉඩ කඩක් පවතී. මෙවන් අවස්ථාවල දී හැකි නම් ඒ පුද්ගලයා පත්ව සිටින තත්ත්වය, ඔහුගේ ස්වභාවය තේරුම් ගෙන සන්නිවේදනය සිදු කරන්නට හැකි නම් ඔබ අතින් සිදු වන සන්නිවේදනය නිවැරදි වීමට ඇති ඉඩකඩ වැඩිය.

 

 

කියන දේ හරියට කියන්න.

ඕනෑම අවස්ථාවකදී සන්නිවේදනය කරන දෙයක් අනෙක් පර්ශවය අපට අවශ්‍ය ලෙස ග‍්‍රහනය කර නොගැනීමෙනුත්, අන් අය අප වෙත සන්නිවේදනය කරන දේ අප නිවැරදිව අවබෝධ කර නොගැනීමෙනුත් බොහෝ සන්නිවේදන ගැටලූ හට ගනී. මෙවැනි හේතූන් නිසා ඔබට සිදුවන වැරදීම්, වැරදි තීරණවලට එළඹීම් මෙන්ම පාඩු සිදුවීම් ද කිසිසේත් සුලූ කොට තැකිය හැකි නොවේ. එබැවින් සාර්ථක සන්නිවේදනයක් සඳහා මෙම කරුණු වෙත අවධානය යොමුකිරීම ද ඉතාමත් වැදගත්ය. මෙහිදී අප විසින් කළයුතු වන්නේ අප සන්නිවේදනය කරන දෙය හැකිතාක් අනෙක් පාර්ශවය පිළිබඳ අවබෝධයෙන් යුතුව ඔවුනට අවබෝධ කරගත හැකි අයුරින් සන්නිවේදය කිරීමයි. එසේම සන්නිවේදන කාර්යයේදි සියලූම පර්ශවයන් අදාල කරුණු නිවැරදිව අවබෝධ කර ගත්තා ද යන්න තහවුරු කර ගෙන සන්නිවේදන කාර්යය අවසන් කිරීමද මෙහිදී කළ යුතුය. එසේ නොකිරීම සන්නිවේදන ව්‍යාකූලතා ඇති වීමට ප‍්‍රධානතම හේතුවකි. උදාහරණයක් ගනිමු.

ඔබ සහ ආයතන ප‍්‍රධානියා අතර යම් වචන හුවමාරුවක් සිදු වූවා යැයි සිතන්න. එහිදී ඔබේ වචනවලින් ඔහු උරණ වූවා නම් එතන ඔබට නොපෙනෙන සන්නිවේදනයේ දුර්වලතාවක් තිබිය හැක. එසේම ඔබ සමග එකට වැඩ කරන කිහිප දෙනෙකු ඔබට සඟවා යම් යම් දේ සාකච්ඡුා කරනවා නම් එයත් සිදු වන්නේ ඔබේ සන්නිවේදනයේ දුර්වලතාවක් නිසා විය හැක.

මේ නිසා සන්නිවේදනය යනු වචනවලින් හා පණිවිඩ හුවමාරුවෙන් එහා යන පුලූල් සංකල්පයක්ය යන කරුණ පැහැදිලිය. දක්ෂ සන්නිවේදකයෙකුට පෙනෙනවාට වඩා දකින්නටත්, ඇසෙනවාට වඩා අසන්නටත් හැකියාව ඇත. එබැවින් මෙම සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීම රැුකියාවෙන් ඔබ බලාපොරොත්තු වන ඉදිරි දියුණුව සඳහාත්, ඔබේ රැුකියා ආයතනය වෙනුවෙන් ලබාදෙන ඵලදායී හා කාර්යක්ෂම සේවාදායකත්වය වර්ධනය කිරීම සඳහාත් කොතෙක් අදාළ දැයි ඔබටම සිතා බැලිය හැකිය.

 

 


RECOMMEND POSTS