ඉහළක සිට වැටුණු අයෙකුට ප්‍රථමාධාර දීම



අනතුරකට හෝ අසනීප තත්වයකට පසු ලක්වූ අයෙකුගේ පළමු පැය හදුන්වන්නෙ රන් පැය (GOLDEN HOUR) ලෙසිනි.

එයින් පළමු විනාඩි 10 අප හදුන්වන්නෙ පලැටිනම් විනාඩි 10 (PLATINUM 10 MINUTES) ලෙස හඳුන්වනු ලැබේ‍.

එබැවින් මෙම කාලයේදී අනතුරට ලක්වූ අයට ලබාදෙන ප්‍රථමාධාර ඉතා වැදගත්ය‍.

ඉහළක සිට පහතට ඇද වැටුණු අයෙකුට නිසි ලෙස ප්‍රථමාධාර ලබාදී රෝහලකට ගෙන නොගියහොත් ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙකු වීමට ද ඉඩ තිබේ. එබැවින් එවැනි අවස්ථාවක මෙසේ කටයුතු කිරීම වැදගත් වේ.

උසකින් වැටුන අයෙකු එසවීමේදී හිස, ගෙළ සහ කද එක ඒකකයක් සේ තබා ඔසවන්න. චලනයන් අවම කරන්න. රෝගියා රැගෙන යාහැකි සුදුසු වාහනයක ආරක්ෂිතව තබා රෝහලක් වෙත ගෙන යන්න. මෙමගින් අනතුරෙහි බරපතල තත්වය අවම කළ හැකිය.

ඔබ ක්‍රියාත්මක වන මුල් විනාඩි 10 මෙලෙස ඔවුන්ගේ මුලු ජීවිතයටම බලපානු ඇත.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා‍

සටහන - ඩයනා  උදයංගනී


RECOMMEND POSTS