ආහාර ගැනීමෙන් අනතුරුව නොකළ යුතු දේවල් 07ක්



•              ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු කෑමෙන් වළකින්න.

ඔබ ගන්නා ලද ආහාර අනුව මෙය වෙනස් වේ. නමුත් ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු ගැනීමෙන් සිදුවන්නේ යම් යම් ආබාධයන්ට(ආසාදන) ලක්වීමේ අවදානමක් ඇත.

එමනිසා හොදම දේ වන්නේ හැකිතාක් ආමාශය හිස්ව තිබෙනවිට (සාමාන්‍යයෙන් උදේවරුව) පලතුරු ආහාරට ගන්න.

•              බදපටිය ලිහිල් නොකරන්න

බඳපටිය ලිහිල් කිරීම තුලින් ඔබ වැඩිපුර ආහාර ගැනීමට පෙළඹේ. එමනිසා ගන්න ආහාර ප්‍රමාණය අඩුකර ගැනීමට බඳපටිය පැළඳ සිටින්න.

•              තේ බීමෙන් වළකින්න

තේවල අම්ලගතිය වැඩි නිසා ආහාර දිරවීමට බධා කරයි. ඔබට තේ බීමට අවශ්‍ය නම් ආහාරවේලට පැයකට කලින් තේ බීම වඩා යෝග්‍ය වේ.

•              ඇවිදින්න යන්න එපා

ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ ඇවිදින්න යන්නේ නම් ඔබ ගත් ආහාර දිරවීවේ ක්‍රියාවලියට බාධාවන් ඇතිවිය හැක. විනාඩි 30-45කට පසුව ඇවිදීමට යෑම වඩාත් සුදුසු වේ.

•              දුම්පානය කිරීමෙන් වළකින්න

කරන ලද පරියේෂණයකට අනුව ඔබ ආහාර ගැනීමෙන් අනතුරුව දුම්පානය කරන්නේනම් ඔබ බොන එක සිගරට් එකේ බලපෑම එවැනි සිගරට් 10ක බලපෑමකට සමානවන බව සොයාගෙන ඇත.

•              නිදාගැනීම නොකළ යුතුයි

අවශ්‍ය වෙලාවට නිදාගැනීම ශරීර සෞඛ්‍යට හිතකර දෙයක් වුවත් ආහාර ගැනීමෙන් අනතුරුව නිදාගැනීම නම් ඉතා අවධානම් තත්වයක් ඇති කරන දෙයක් වේ. ඔබ එසේ කරන්නේ නම් එය ආහාර ජීර්ණයට බලපෑමක් ඇති කරනවා සේම,  ආමාශයේ හා බඩවැලේ ගැටළුකාරී හා ආසාදන තත්වයන් ඇතිවිය හැකි.

•              නෑම නොකළ යුතුයි

අතේ, කකුලේ සහ ශරීරයේ ඉහළ කොටසේ රුධිර සංසරණය වේගවත්වේ. එම නිසා ආමාශ ප්‍රෙද්ශයේ රුධිර සංසරණය අඩුවේ. එම නිසා ආහාර දිරිවීමේ ක්‍රියාවලියට බාධා අති වෙන්න පුළුවන්. නෑමට සුදුසු කාලය වන්නේ ආහාර ගැනීමට පැය1-2 පෙර හෝ පැය1-2 පසුවයි.

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS