අත් හෝදනවා නම් ලෙඩ නෑ



විෂබීජ සහ බෝ වෙන රෝග වැලැකීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් හේතුවේ. මෙහිදී අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අත් පිරිසිඳුව තබාගැනී‍ම කෙරෙහිය.

එහිදී විශේෂයෙන් පහත සදහන් අවස්ථාවන්ට පෙර සහ පසු ඔබගේ අත් පිරිසිදු කිරීම වැදගත්වේ.

ආහාර ගැනීම

ආහාර සැකසීම

වැසිකිළි භාවිතය

දරුවන්ගේ නැපි මාරු කිරීම හෝ දරුවා අත පත ගෑමේදී

රෝගියෙකුට සත්කාර කිරීම තුවාලයකට ප්‍රතිකාර කිරීම හෝ අත අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවක

කදවුරුවල සේවය කිරීමේදී ,මුහුණු ආවරණ ඉවත් කිරීමේදී හෝ එම ආරක්ෂිත උපකරණ ගලවා ඉවත් කිරීමේදී

ඊට අමතරව පහත සදහන් ක්‍රියාවන් කිරීමෙන් පසුව ඔබගේ අත් පිරිසිදු කරගන්න:
කිවිසුම් යනවිට , කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට 
කිවිසුම් යෑමේදී , කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට එක් වරකට ටිෂූ එකක් භාවිතා කිරීමද සුදුසුය
තවත් පුද්ගලයෙකු අත් ස්පර්ශ කිරීමෙන් පසු හෝ සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ සතුන් සුරතල් කිරීමෙන් පසු
කුණු කසල අත ගෑමෙන් පසු
අපිරිසිඳු භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් පසු.

අත් සේදීම ද කළ යුත්තේ දෑත හොඳින් පිරිසිඳු වන අයුරිනි. සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම කරන ආකාරය පියවර වශයෙන් පහත පරිදි වේ.

1.අත් වතුරෙන් තෙමාගන්න

2.සබන් හෝ අත් සෝදන දියරය අතෙහි ගල්වන්න

3.තත්පර 20 ක් හොදින් අත් අතුල්ලන්න

4.ඉන්පසු තත්පර 10 ක් අත වතුරෙන් සෝදන්න

5.පිරිසිදු වියලි තුවායකින් වියලි කරන්න හෝ ටිෂූ එකකින් පිසදාගන්න

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී - පුෂ්පා රම්‍යානි සොයිසා

  සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS