අලුත් කොවිඩ් ප්‍රභේද ඇතිවන්නෙ කොහොමද?



මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට සොයා ගත් 'බ්‍රිතාන්‍ය ප්‍රභේදය' යන නමින් ද හැඳින්වෙන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට අප රටින් ද වාර්තා වී තිබේ. මහා බ්‍රිතාන්‍යයෙන් පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් පවා මේ ආකාරයට විකෘති ප්‍රභේද හිම ඔසවා තිබේ. මේ එම විකෘති ප්‍රභේද සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආර්.එන්. ජී රාජපක්ෂ මහතාගේ පැහැදිලි කිරීමකි. 'කොවිඩ් 19' වසංගතය හමුවේ ආර්.එන්. ජී රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරන වෛද්‍යවරයෙකි.

අලුත් කොවිඩ් ප්‍රභේද ඇතිවන්නෙ කොහොමද? ඒවා සියල්ල භයානකද?

දැනට කොළඹ, බියගම, අවිස්සාවේල්ල හා වවුනියාව දක්වා මෙරට පැතිරී ඇති මෙම වෛරස ප්‍රභේදය වන B117 ලොව දරුණුතම වෛරස් ප්‍රභේදය පත්වීමට ඉඩ ඇති බව පවසන්නේ Sharon Peacock කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී පිලිබඳ මහාචාර්යවරියයි. දැනට කොවිඩ් වෛරසයයේ හඳුනාගෙන ඇති විවිධ රූපාකාර අතුරින් වැඩිම රූපාකාර හඳුනා ගෙන ඇත්තේ ඇය ප්‍රමුඛ එංගලන්තයේ Cog-UK අංශයයි. මේ අලුත් කොවිඩ් වෛරසයයේ ප්‍රභේදය වන B117 හදුනා ගත් හැටි ඇය පැවසුවේ මෙසේය.

"නිතරම වෛරසයේ විකෘති ඇතිවෙමින් තිබුනා. අපි හඳුනා ගන්නා ඒවා නම්කර තබාගන්නවා. එච්චරයි. නමුත් මෑතදී දෙසැම්බර් මුල  විතර කෙන්ට් නගරයේ ශීඝ්‍ර කොවිඩ් පැතිරීමක් ආවා. අපි හිතුවා ජනයා ඒකරාශී වූ සිදුවීමක් නිසා මෙය සිදුවුණා කියා . නමුත් ඒ දිනවල නගරය ලොක්ඩවුන් කර තිබුනේ. පසුවයි සොයාගත්තේ එම වෛරසයB117 ප්‍රභේදය බව. මෙය භයානක වේගවත්  පැතිරීමක්. මෙම වෛරස ආකෘතියේ විකෘති 23 ක් තිබීම අසාමාන්‍ය යි."

පසුගිය වසර පුරාවටම විකෘති ඇතිවෙමින් වෛරසය නව ප්‍රභේද බිහිකළා.

2020 මාර්තු: වෛරස් ආවරණයේ උල් වල ඇති ප්‍රෝටීනයක් වන D614G  හි විකෘතිය නිසා ඒ කාලයේ මේ නව ප්‍රභේදය ප්‍රමුඛ වී ,මුලින්ම වූහාන් වලින් ආපු වෛරසය නැතිවුනා. එහි RO අගය, එනම් එක් පුද්ගලයෙකු ගෙන් කීදෙනෙකුට පැතිරෙනවා ද කියන අගය වැඩි කලා. මෙසේ වීම නිසා ඔවුන් සිතුවේ කවදා හෝ RO අගය ඉතා වැඩි ප්‍රභේදයක් බිහිවී විනාශයක් සිදුවිය හැකි බවයි.

වාසනාවකට ඊට පසු ආ විකෘතිය ඩෙන්මාර්කයෙන් බිහිවුණු , cluster5 නම්වූ ප්‍රභේදය වැඩිදුර ව්‍යාප්ත වුනේ නැහැ. එරටේම 12 දෙනෙකුට එය සීමාවුනා.

විකෘති නිසා ඇතිවූ තුන්වන ප්‍රභේදය අගෝස්තු වල  ස්පාඤ්ඤයෙන් වාර්තා වුනා. එයත් වෛරස් ආවරණයේ උල් වල ඇති ප්‍රෝටීනයක විකෘතියක්. ඒ කාලයේ එරට රෝගය පැතිරීම වැඩි වුවත් පසුව සොයා ගත්තා එයට හේතුව එම වෛරස ප්‍රභේදය වේගවත්  පැතිරීම ක් නිසා නොව මිනිසුන් වසන්ත කාලයේ සංචරණය වැඩි කල නිසා බව.
ඊලඟ විකෘතියත් වෛරසයේ එතැනම සිදුවුණා.

එම  ප්‍රභේදය N439K.  එය නිසාත් ශරීරයේ ප්‍රතිශක්ති ක්‍රියාවලියේ වෙනසක් ඇතිවුනු බව පෙනුනා.

දකුණු අප්‍රිකාවේ N501Y.V2 ( B1351)  නව ප්‍රභේදයට අපි දැන් ගහන , ඇස්ට්‍රොසෙනිකා එන්නත් පවා වැඩ නොකරන නිසා ඔවුන් දැනට මිලදී ගෙන ඇති  එම එන්නත් තොගය ආපසු භාර දීමට හෝ වෙන රටවලට විකිණීමට සූදානම්ය.තවත් රටවල් 4 ක මෙම ප්‍රභේදය  වාර්තා වී තිබුනත් WHO පවසන්නේ එයින් සෑදෙන රෝගය මුල් එකට වඩා භයානක නැති බවකි.

බ්‍රසීලයෙත් නව ප්‍රභේදයන් වාර්තා වෙනවා.

මේ දැන් ඇති B117ප්‍රභේදය නිසා ගැටලු ඇතිවී තිබෙනවා.වාසනාවට තවම අපේ එන්නත නම් එයට වැඩ කරන බව පේනවා.
මෙම B117 ප්‍රභේදය තුල පවා නව විකෘතියක් ඇතිවීගෙන එන බව පේනවා.  E484K නම්වූ එය සමහරවිට ප්‍රචලිත වුවහොත් එන්නතට වැඩ නොකරාවි ද කියා බියක් එරට ඇතිවී තිබෙනවා.

මේ ඇතිවන විකෘති සියල්ලම හැසිරෙන අයුරු නිරීක්ෂණය කරමින් සිටීම වැදගත්. ඒවා අතරින් වෛරස් ආවරණයේ උල් සෑදී ඇති ප්‍රෝටීන වල විකෘති තමයි ඉතා වැදගත් වෙන්නෙ.

එයට හේතුව නම් ඔබ දන්නවා මේ උල් වල ප්‍රෝටින් කොටසක් තියෙනවා RBD කියල. (Receptor binding domain) එම කොටස තමයි අපේ ශරීරයේ සෛලවල ඇති ග්‍රාහක (receptors)වලට සම්බන්ධ වෙන්නෙ. සම්බන්ධ වෙලා සෛල තුලට ඇතුල් වෙන්නෙ.අපේ එන්නත් වලට සෑදෙන ප්‍රතිදේහ සෑදෙන්නෙ මේ RBD වලට විරුද්ධවයි. ප්‍රතිදේහ ගිහින් මේ RBD වලට බැඳී ඒවා අවහිර කරන නිසයි එන්නත් නිසා අපිට වෛරසයෙන් ආරක්ෂාව ලැබෙන්නෙ. මේ වෛරසයේ විකෘති මේ කොටසේ ඇතිවෙන්නෙ ඒ අපේ ප්‍රතිදේහ යෙන් වලකින්නයි.(escape mutations). එතකොට අලුත් RBD එක හඳුන ගන්න අපේ පැරණි ප්‍රතිදේහ වලට බැහැ. ඒ වගේම අලුතින් සෑදෙන RBD ශක්තිමත්. එනිසයි මේ විකෘති භයානක.ඔය අංක අකුරු වලින් පෙන්නන්නෙ ප්‍රෝටීනයේ විකෘතිය හැදුනු ස්ථානයයි.

PCR පරීක්ෂණ සඳහා අපි ලඟ ඇති ආදර්ශක වෛරස් කොටස් මුල් වූහාන් වෛරසයේ ඒවායි. අපි පරීක්ෂණ වලින් හඳුනා ගන්නේ ඒ වෛරසයේ කොටසුයි මේ අලුත් ප්‍රභේදය නොවේ.එනිසා අපේ සාමාන්‍ය PCR වලට මෙය අහු නොවෙන්න පුලුවන්.

දැන් තේරෙනවා ඇති එංගලන්තයේ වෛරසය විකෘති වීමකින් ඇතිවුනුමේ  අහඹු B117 ප්‍රභේදය එනම් වෛරසයේ  ඒ විකෘතිය එනම් ප්‍රෝටීනයේ H69-V70 තැන ඇති අණු මැකීයාම මෙතරම් ප්‍රෝටින් තියෙන වෛරසයේ එතැනම ඒ විදිහටම  අලුතින් මෙහේ අහඹුව  ඇතිවුණා කියන එක කොතරම් අසීරුද සිදුවෙන්න කියල. වැඩි ඉඩකඩ තියෙන්නෙ මෙරටට එය පිටරටින් ආවා කියල හිතන්න නේද?


RECOMMEND POSTS

RELATED POSTS