මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ඖෂධය නින්දයි



දිනකට ප්‍රමාණවත් ලෙස නින්ද නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය දුර්වල වන බවට නවතම පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ  ( UW Medicine Sleep Center ) විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පරීක්ෂාවකින් මේ බව හෙළිවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඔවුන් විසින් අදාළ පරීක්ෂාව සිදුකර ඇත්තේ නිවුන් පුද්ගලයන් 11 දෙනෙකු යොදාගනිමිනුයි.

එහිදී ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාව සිදුකර ඇති අතර පසුව හෙළිවී ඇත්තේ නින්ද ලැබූ සහෝදර සහෝදරියන්ට වඩා නින්ද නොලැබූ සහෝදර සහෝදරියන්ගේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල බවයි.

අදාළ පරීක්ෂණයේ අනතුරුව ඔවුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් දියවැඩියාව වැනි රෝගයන්ද වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

මේ අතර ප්‍රමාණවත් නින්ද නොලැබූ පුද්ගලයන් විවිධ රෝගී තත්වයන්ට ගොදුරුවන අතර එම රෝග ඉක්මනින් සුව නොවීමටද මෙම තත්වය හේතුවන බවයි ඔවුන් ප්‍රකාශකර ඇත්තේ. ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. එසේම ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා. එම රෝග ඉක්මනින් සුවවන්නේ නැති බවටද හෙළිවී තිබෙවනවා.

කෙසේ වෙතත් ඔවුන් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සෑම පුද්ගලයෙකුම දිනකට අනිවාර්යෙන්ම පැය 7ත් 8ත් අතර ප්‍රමාණයක නින්දක් ලබාගතයුතු බවයි.

 

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි..

 


RECOMMEND POSTS