‘කොවිඩ්’ සරුබව නැතිකරනවා



පිරිමින් තුළ සරුබව නැති කිරීමට ‘කොවිඩ් 19’ වයිරසයට හැකියාව ඇතැයි සිදුකළ නවතම අධ්‍යයනයකින් තහවුරු වූ බව ප්‍රංශ සහ ජර්මන් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ‘සුවය ලැබූ’ ප්‍රංශ ජාතික තරුණයන් කණ්ඩායම් කීපයක්, මෙම අධ්‍යයනයට සම්බන්ධ කර ගත් බවත්, එමගින් මේ බව තහවුරු වුණු බවත් එම අධ්‍යයනය සිදු කළ පැරිස් නුවර වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ‘සුවය ලබන’ බොහෝ දෙනා විවිධාකරයේ රෝගාබාධවලට ලක් වන බව පැවැසෙයි. පුරුෂ ප්‍රජනන පද්ධතියට වයිරසයෙන් හානි සිදුවන බව අනාවරණය වුණු පළමු අවස්ථාව මෙයයි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS