හෘද රෝග වැඩි ඇයි ?



හෘදය වස්තුවේ හිතකර පැවැත්ම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීම කෙරෙහි බොහෝසේ බලපායි. ඒත් හෘද රෝග අවදානම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවේ. ඇමෙරිකාවේ පමණක් හෘද රෝගවලින් මිය යන සංඛ්‍යාව වසරකට මිලියනයක් පමණවේ. හෘදය වස්තුවේ බිත්ති තුළින් දිනකට රුධිරය විශාල ප්‍රමාණයක් පොම්ප කිරීම පැය 24 පුරාම සිදුවේ. 

හෘදය වස්තුවේ දකුණු පැත්තේ ඇති මාංශ අපිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙහිදී පෙනහලු සහ හෘදය වස්තුව අතර ගෑස් හුවමාරුවක් සිදුවේ. මෙය ඉතා සංවේදනීය සහ සූක්ෂ්ම ආකාරයට සිදුවේ. හෘදය වස්තුවේ වම් පැත්තේ ඇති මාංශ පේශී පිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙකී රුධිරය ශරීරයට මුදා හැරෙන රුධිරයයි.

හෘදය වස්තුවේ පහළ ඇති lower ventricles  ගණකම් සහ ශක්තිමත් බවින් වැඩියි. ඉහළ ඇති ධමනිවලට artria වඩා වම් පැත්තේ ඇති ventricles වටා ඇති මාංශ පේශී බිත්ති දකුණු පැත්තේ බිත්තිවලට වඩා ගණකම් බවින් වැඩිය. ඊට හේතුව වන්නේ ශරීරයේ systemic circulation සඳහා රුධිරය විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් මුදා හැරීමට හෘදය වස්තුවට දැඩි තෙරපීමක් කිරීමට සිදුවන නිසයි.

බොහෝවිට හෘදය වස්තුව අක්‍රිය වීමට හේතු වන්නේ දකුණු හෘදය වස්තුවට අවශ්‍ය රිද්මයානුකූල ලේ ප්‍රමාණය පොම්ප කිරීමට නොහැකි වීමයි. එය බොහෝවිට දකුණු හෘදය වස්තුවේ ඇති මාංශ පේශී ඉතා දුර්වල වීම හෝ නිසි ක්‍රියාවලියට වැඩ කිරීම අත් හරින විට සිදු වේ. මෙම අත් හැරිම සිදු වූ විට හදවත අක්‍රිය වේ. එබැවින් මෙවන් හේතු ඇති රෝගීන්ගේ ජීවිතවලට බෙහෙත් මගින් හෘදය වස්තුව නිසි ක්‍රියාවලියේ තබා ගැනීමට උපකාර අවශ්‍ය වේ.

කෙටි හුස්ම ගැනීම , දරුණුව දැනෙන මහන්සිය, කකුලේ ඇති වන ඉදිමීම, හෘද රෝගයකට සිරුර මුහුණ දෙනවාදැයි කල්තියා දනවන සාධකයි. එහෙත් මෙම සියලු  හඳුනා ගැනීම් වෙනත් රෝග සඳහාද ඇති විය හැකියි.  මෙම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කොට ස්ථිර කර ගත හැකියි. ක්ෂණිකව හදවත් බිඳ වැටීම වැඩි විය හැකියි. එවිට එය ක්ෂණිකව සිදුවූ හදවත් බිඳ වැටීමක් ලෙස නිර්වචනය කළ හැකිය. මෙම රෝග ලක්ෂණ කාලයක් තිස්සේ අඩු වැඩි වෙමින් පැවතී තිබී හෘදය වස්තුව බිඳ වැටේ. එය chronic heart failure වශයෙන් හැඳින්වේ.

-ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS