හිසට වදයක්: ඉරුවාරුදාව



හිසරදය නිසා වෛද්‍යවරයෙකු වෙත යොමුවන ළමුන්ගෙන් බහුතරයකට ඇත්තේ ඉරුවාරදය නැතහොත් Migraine තත්ත්වය බව හදුනාගෙන තිබේ.

ඉරුවාරදය බහුලව දැනෙන්නේ හිසේ රිදීමක් ලෙස හෝ නහරයක නාඩි වේගයෙන් වැටෙන්නාක් මෙන් දැනෙන වේදනාවක් ලෙසයි. මෙය බොහෝ විට කාල සීමාවක් සහිතව විටින් විට ඇතිවන්නකි.

සාමාන්‍යයෙන් ඉරුවාරදය නිසා ඇතිවන වේදනාව ඇතිවන්නේ හිසේ එක් පසකය. නමුත් ළමුන්ගේ හිස ඉදිරිපස හා දෙපස වේදනාවක් ලෙස ද ඇතිවේ. මෙම වේදනාව ඇතැම්විට දරාගත නොහැකි දරුණු වේදනාවක් විය හැක.

ඉරුවාරදය ඇතිවීමටට බලපාන හේතු රාශියක් පවතී.

1. මානසික ආතතිය

2. ඇතැම් ආහාර වර්ග

3. නිදි වැරීම

4. මාස් ශුද්ධිය

5. අධික මහන්සිය

6. ජලය පානය අඩුවීම

7. දේශගුණික වෙනස්කම්

8. ජානමය හේතු

මෙය දරුවකුගේ එදිනෙදා ජිවිතයට බාධා කල හැකි රෝගී තත්ත්වයකි. පාසල්යෑම අතපසුවීම, දෛනික වැඩකටයුතු කර ගත නොහැකිවීම හෝ සාමාජීය කටයුතු සීමාවීම ආදිය ද මෙමගින් සිදුවිය හැක. ඒ නිසා මෙම තත්ත්වයට නිසි ප‍්‍රතිකාර නොකළහොත් මානසික ආතතිය පවා ඇතිවිය හැක.

ඉරුවාරදය සඳහා ප‍්‍රතිකාර ලබාදෙන ආකාර කිහිපයකි.

1.        ඉරුවාරදය ක්ෂණිකව සමනය කිරීමට ලබාදෙන ප‍්‍රතිකාර

2.        ඉරුවාරදය නැවත ඇති නොවීමට ලබාදෙන ප‍්‍රතිකාර - නිතර නිතර ඉරුවාරදය ඇතිවන විට මෙම ඖෂධ භාවිතා කිරීමට සිදුවේ.

3.        චර්යාත්මක වෙනස්කම් ඇතිකිරීම.

සාර්ථක ලෙස ඉරුවාරදය පාලනය කිරීම සදහා පහත චර්යාත්මක වෙනස්කම් ඉතා වැදගත් වේ.

1. ප‍්‍රමාණවත් තරම් ජලය පානය කිරීම

2. දිනපතා ව්‍යායාම කිරීම

3. ආහාරවේල් මග නොහැරීම

4. සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීම

5. පැය 8ක පමණ ප‍්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබාගැනීම

බොහෝමයක් කුඩා දරුවන් ඉරුවාරදය සුව අතට පත්වේගෙන ඒමත් සමග ඖෂධ ලබාගැනීම මගහරින නමුත් එම ඖෂධ නියමිත කාලය දක්වා අදාල මාත‍්‍රාවට ලබාදීමට දෙමව්පියන් කටයුතු කළ යුතුය. 

ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රිජ්වේ ආර්යා ළමා රෝහල

සටහන - ඩයනා උදයංගනී    


RECOMMEND POSTS