සාර්ථක රැකියා ජීවිතයකට බලපාන ඔබ ළඟම ඇති ඔබ නොසිතන දේවල්



අපගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ අප දන්නා දේවල්වලින්ද? එසේ නොවේ නම් අප සිදු කරන හෝ නොකරන දේවලින්ද යන ප‍්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඒ සඳහා ලබා දෙන පිළිතුර කුමක්ද? සෑම විටම අපේ ජීවිතවල තීරණාත්මක සාධකය බවට පත් වන්නේ අපි කරන හෝ නොකරන දේ මිස අප දැනුම ලෙස අපේ සිත්වල තබා ගෙන සිටිනා දේ නොවන බව ඔබ වඩාත් විමසුම් ඇසින් ජීවිතය දෙස බලන්නේ නම් පෙනී යනු ඇත. ඇතැම් අවස්ථාවල අපගේ රැුකියාවේ පමණක් නොව සමස්ත ජීවිතයේම සාර්ථකත්වය සඳහා වුවද අප දන්නා දේවල් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ප‍්‍රමාණවත්ය. නමුත් ඒ දේවල් අපි කි‍්‍රයාත්මක කරන තුරු අපි ඒ දේවල් දැනන් සිටියාද කියන ප‍්‍රශ්නාර්ථය මතු වේ. එය එක් අතකින් බලන කළ අප සතුව කොතෙක් රසවත් ආහාර වට්ටෝරු තිබුණ ද ආහාරයක් පිළියෙල කරන තුරු ඒවායේ රස අපට නොදැනෙන්නා හා සමානමය. ඒ නිසාම ඔබේ රැුකියා සාර්ථකත්වයට හේතු වන මෙන්ම ඔබ හොඳින් දන්නේ යැයි අප විශ්වාස කරන කරුණු කිහිපයක් වඩාත් සාර්ථක රැුකියා දිවියක් සඳහා උපයෝගී කර ගත හැකි අයුරු සාකච්ඡුා කරමු.

 

රැකියාවේ එකම තැන ඉන්න එපා.

අප කරන රැුකියාව කුමක් වුවත් මෙය අප සියලූ දෙනාටම අදාළ වන කාරණයකි. එබැවින් හැකිතාක් තමන්ට පවතින ඉදිරි අවස්ථා පිළිබඳ අවදියෙන් සිටිමින් ඒ සඳහා අවශ්‍ය වන දැනුම, ආකල්ප සහ කුසලතා ගොඩනඟා ගැනීම අප විසින් කළ යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ අවස්ථාව එළඹුණු පසු ඒ සඳහා සූදානම් වීම නොව හැකිතාක් කල් තබා සූදානමින් සිටීමයි. එසේ නොවුණහොත් ඔබට ලැබෙන වටිනා අවස්ථා මඟහැරී යන්නට මෙන්ම එසේ මඟ හැරී යන්නේ ඔබට උදා වූ වටිනාම අවස්ථාවක් වන්නට ද පුළුවන.

 

විනය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.

අපගේ කි‍්‍රයාවන්හි පදනම අප සිතන ආකාරයයි. අප සිතන දේ අන්‍යයන්ට නොපෙනුණත් අප කි‍්‍රයා කරන ආකාරය ඕනෑම කෙනෙකුට දැකගත හැකිය. එබැවින් කිසිදු අවස්ථාවක, කිසිදු පදනමක් මත රැුකියාව තුළ විනය විරෝධී කටයුතු කෙරෙහි සිත යොමු නොකිරීම වැදගත් වේ. විශේෂයෙන්ම තමන්ගේ චරිතයට හානි පැමිණෙන කටයුතු වෙත යොමු නොවීම රැුකියාවේ ඉදිරි දියුණුවට වැදගත් වේ. එවැනි කටයුත්තක් වෙත පෙළඹවීමක් ඇති වූ අවස්ථාවක ඒ සඳහා ඔබ යොමු වීම හෝ නොවීම තුළ ඔබේ රැුකියාව පිළිබඳව ඇති වටිනාකම කොතෙක්ද යන කාරණය ද පිළිබිඹු වේ. එබැවින් රැුකියා ස්ථානය තුළ ඔබේ චරිතය රැුකියා සාර්ථකත්වයේ ශක්තිමත්ම පදනම වේ.

 

ස්ථාවර විකල්ප ආදායම් මාර්ගයක් ගොඩනඟා ගන්න.

මෙය බොහෝ අඩු අවධානයක් යොමු වන ඒ වගේම විවිධ හේතු සඳහන් කරමින් අප මඟ හරින එහෙත් රැුකියා ජීවිතයක සාර්ථකත්වය සඳහා අතිශයින්ම හේතු වන කාරණයකි. අද වන විට ආර්ථිකයේ බර සෑම පවුලකටම දැනෙමින් තිබේ. එවන් කාලයක රැුකියාවෙන් පමණක් ජීවත් වන බොහෝ දෙනෙකු මාසය අවසානයේ ගෙවා දමන්නේ බොහොම පීඩාකාරී කාල සීමාවකි. බොහෝ දෙනෙකුට ලබන මස පඩිය ලැබෙන තුරු ණය වීමට පවා සිදු වේ. නමුත් කෙනෙකු වෙනත් ස්ථාවර ආදායම් මාර්ගයක් සකස් කර ගෙන සිටිනවා නම් එවන් පීඩනයකට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත. එය සිය ආත්ම තෘප්තිය සඳහා හේතු වන අතරම රැුකියාව පවා තෘප්තිමත්ව සිදු කිරීමට මනා පිටුබලයකි. මේ නිසා හැකි නම් තමන් කුමන තරාතිරමක රැුකියාවක නිරත වුවත් කුමන හෝ විකල්ප ආදායම් මාර්ගයක් සකස් කර ගන්නට උත්සාහ ගන්න.

 

උපයන මුදලට වටිනාකමක් දෙන්න.

මාසයක් වෙහෙස මහන්සි වී උපයන මුදල මොහොතකින් සම්පූර්ණයෙන්ම වියදම් කරන්්නට මෙන්ම වියදම් නොකර උපරිමයෙන් එය ඉතිරි කරන්නට ඔබට පුලූවන. එහෙත් උපයන මුදලට නිසි වටිනාකමක් දී කටයුතු කිරීම යනු ඒ දෙකම නොවන බව ඔබ අවබෝධ කර ගැනීම වැදගත්ය. අවශ්‍යතා සඳහා වියදම් කිරීම මෙන්ම යම් මුදලක් ඉතිරි කිරීම යන කාරණා දෙකම ඔබට පහසු ආකාරයෙන් හසුරුවා ගැනීම කළ හැකියි. මාසිකව ඔබ වියදම් කරන මුදල සටහන් කර තබා ගැනීම ඔබට අනුගමනය කළ හැකි ඉතා ප‍්‍රායෝගික කාර්යයකි. ඒ ඔස්සේ ඔබ වියදම් කර ඇත්තේ කුමන කාරණා සඳහා ද යන අවබෝධය ඔබටම ලබා ගත හැකිය.

 

විවේචනවලින් වැළකී සිටින්න.

කිසිදු අවස්ථාවක රැකියා ස්ථානයේදී හෝ ඉන් පිටතදී රැුකියාවට සම්බන්ධ කිසිවෙක්, කිසිදු හේතුවක් මත විවේචනය නොකර සිටීම ඉතාම වැදගත්ය. කුමන හෝ හේතුවක් මත ඔබ සිදු කරන එවැනි විවේචන කවර හෝ අවස්ථාවක ඔබේ රැකියාවේ ඉදිරි ගමනට අවාසිදායක තත්ත්වයක් මතු කර දෙන්නට බැරි නැත.

 

හැකි සෑම අවස්ථාවකදීම සුවපහසු සීමාවෙන් පිටතට එන්න.

අප සෑම විටකම පාහේ ජීවත් වීමට උත්සාහ දරන්නේ අපගේ මනසට එතරම් බරක් නොදැනෙන සුව පහසු මානසික සීමාවක් තුළයි. රැුකියාවට අදාලවද එය එසේමය. අප අපගේ රැුකියාවට අදාළව බොහෝ අවස්ථාවල වෙනස්කම් සඳහා බිය වන්නේ, නව අවස්ථා සඳහා අකමැති වන්නේ එසේම අභියෝග බාර ගැනීමට පසුබට වන්නේ මෙම සුව පහසු මානසික වටපිටාවට තර්ජනයක් වීම වලක්වා ගැනීම වෙනුවෙනි. මෙය අපට නොදැනීම අප තුළ කි‍්‍රයාත්මක වන මනෝ විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසින්ද සැලකිය හැකිය. එහෙත් ඔබේ රැුකියාවෙන් සර්ථකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් මෙම සුව පහසු මානසික සීමාවෙන් පිටතට පැමිධෑම අවශ්‍යයෙන්ම කළ යුතුය. ඔබ රැු කියාව තුළ නව පියවරක් තබන කෙනෙකු බවට පත් වන්නේ එසේ වුවහොත් පමණි.

 

පිළිවෙළට අඳින්න.

හොඳට ඇඳීම යනු වැඩියෙන් මුදල් වියදම් කරමින් ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීම නොවේ. හොඳට ඇඳීම යනු තම කැමැත්තටම මූලිකත්වය නොදී තමන්ට ගැලපෙන- නොගැලපෙන විලාසිතාවන් තෝරා බේරා ගෙන පිළිවෙළට හා පිරිසුදුව තම බාහිර ස්වරූපය පවත්වා ගෙන යාමයි. මෙම කාරණය පිළිබඳ අවධානය යොමු කිරීම ඔබගේ බාහිර ප‍්‍රතිරූපය නිසි ලෙස පවත්වා ගෙන යාමට මෙන්ම රැුකියාවෙන් ඔබ ලබන තෘප්තිමත් බව වර්ධනය සඳහා ද හේතු වනු ඇත.

 

සේවාවක සහය ලබා ගන්න.

අප රැුකියාවේ ඉතා වැදගත් තීරණවලට එළඹෙන්නේ බොහෝ අවස්ථාවල ඉතා නොවැදගත් ආකාරයෙනි. එනම් අප රැුකියාවට අදාල බොහෝ තීරණයන්ට එළඹෙන්නේ හා ගැටලූ විසඳා ගැනීමට උත්සහ දරන්නේ හුදෙක් අපට හැෙඟන දෙයක් මත හෝ යමෙක් තම පුද්ගලික රුචි අරුචිකම් මත ලබා දෙන උපදෙසක් මත පදනම්වය. එහෙත් රැුකියාවේ පවත්නා ගැටලූවලට විසඳුම් සෙවීමේදී මෙන්ම වැදගත් තීරණවලට එළඹීමේ දී පිළිගත් වෘත්තීය උපදේශන සේවාවක සහය ලබාගත හැකි නම් සෑම විටම ඔබව නිවැරදි මෙන්ම අවම අවදානමක් සහිත තීරණයක් සඳහා මෙහෙයවනු ඇත.

 


RECOMMEND POSTS