සම රැකගන්න බෙහෙත් වට්ටෝරු කිහිපයක්



පංච කල්‍යාණිය අතුරින් යුවතියන් වන ඔබට වැදගත්ම වන්නේ ඡුවි කල්‍යාණයයි. මන්දයත් රූපලාවන්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන යුවතියන් බොහෝ විට රැකගැනීමට අලංකත්ව පවත්වා ගැනීමට උනන්දුවන්නේ මෙම කොටසයි. එයිනුත් සම යනු ශරීරයේ විශාලම කොටසක් නමුත් ඔබ අවධානය යොමු කරන්නේ මුහුණේ සම පිළිබඳව පමණි.

ක‍්‍රමානුකූලව පවත්වා ගැනීමෙන් පැහැපත් සමක් ලබාගත හැක.

ඔබගේ ශරීරයේ සම මහපොළවට උපමා කළහොත් එයට නිවැරදි පැවැත්මට කලට වේලාවට ලැබිය යුතු මෙන්ම සමෙහි ආරක්ෂාවට ද ශරීරයට වයසට බරට ගැළපෙන ප‍්‍රමාණයට ජලය ලබාදිය යුතුය. නැති නම් නියං කාලවලට මෙන් සම ඉරිතැලී වියළී යයි. මහපොළවේ වැවෙන ගස්වල මනා වර්ධනයට පොහොර ලබා දෙන්නා ලෙස සමෙහි මනා නිරෝගීතාව අප පෝෂ්‍යදායී ස්වභාවික ආහාර පාන එළවළු පලතුරු ලබාගන්නා අතර බාහිරට ද පෝෂණ සත්කාර කළ හැක.

අප ගෙවත්ත එළිපෙහෙළි කරන විට අනවශ්‍ය ගස් කොළන් ඉවත් කරන්නා මෙන් අක‍්‍රමවත්ව වැවී ඇති රෝම ගස් ඉවත් කළ යුතුය. මෙහිදී ඔබ කිසි විටෙකත් ඔබගේ රෝම ඉවත් කිරීමට උ්ං කිරීම, රේසර් කිරීම, රෝම ඉවත් කරන ආලේපන භාවිත නොකළ යුතුය. සුදුසුම වන්නේ නූලක් ආධාරයෙන් හෝ ට්විසරයකින් රෝම ඉවත් කිරීමයි.

එමෙන්ම මහපොළොවට නිසි කලට වැසි ලැබුණත් ශාකවල නිරෝගී භාවයට අප විසින් බාහිරව පොහොර එකතු කරන්නා මෙන්ම සමට බාහිර සත්කාර කිරීම ඔබගේ ජනප‍්‍රියතම මාතෘකාව වන ෆේෂල් යන නමින් හැඳින්වේ.

සම නිරෝගීව පෝෂණ සත්කාරයක් ලෙස අවපැහැ ගැන්වීම වැළැක්වීමට නිවසේදී කළ හැකි ප‍්‍රතිකාරයක් ඔබට කෙටියෙන් මෙසේය. මුලින්ම පැහෙන ජලයට බෙලි කොළ, අමුකහ, කොහොඹ කොළ දමා එයින් නැගෙන දුමට මුහුණ අල්ලන්න.

දෙවනුව උණු ජලයට අමුකහ දෙහි බිංදු දෙක තුනක් දමා මුහුණ සෝදා හරින්න.

 

තෙල් සහිත සමට නම්
ඉන් පසු සුදුහඳුන් තේ හැඳි 1 මුංඇට පිටි තේ හැඳි 1/4 පිපිඤ්ඤා යුෂ මේස හැඳි 2 සමග මිශ‍්‍ර කර හෝ 


වියළි සමට නම්
සුදුහඳුන් කුඩු තේ හැඳි 1, පරිප්පු පිටි තේ හැඳි 1/2, කැරට් යුෂ මේස හැඳි 2 යන ද්‍රව්‍ය මිශ‍්‍රකර මුහුණේ ආලේප කර වි. 20ක් තබා ඉතා සෙමින් මෘදුව ඇඟිලි තුඩුවලින් පිරිමැද ඉවත් කරන්න.

 

ඊළඟට සමට පෝෂණය ලබා දීමට


තෙල් සහිත සමට

කැකිරි යුෂ මේස හැඳි 1, නෙල්ලි කුඩු තේ හැඳි 1/4, අමුකහ යුෂ තේ හැඳි 1/2 ලෙස මිශ‍්‍රකර ආලේප කර වි. 30ක් තබා ඉවත් කරන්න.


වියළි සමකට නම්
වට්ටක්කා යුෂ මේස හැඳි 1, පොල්කිරි තේ හැඳි 1, මීපැණි තේ හැඳි 1/2 මිශ‍්‍රකර මුහුණේ ආලේප කර වි. 30ක් තබන්න.
ඔබට කිසිදු මුදලක් වියදම් නොකර නිවසේදීම පහසුවෙන් කළ හැකි සාර්ථක ප‍්‍රතිකාරයකි.

 

 


RECOMMEND POSTS