රස්නේ වැඩිනම් හෘදයාබාධ



අධික තාපයට නිරාවරණය වීම නිසා ගිනි නිවන භටයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි යැයි මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.

ගිනි නිවීමේදී ගිනි නිවන භටයන් අධික රස්නයට නිරාවරණය වීම නිසා රුධිරය කැටි ගැසීම වැඩිවන බවත් රුධිර වාහිනිවල ක්‍රියාත්කාරීත්වය දරුණු ලෙස දුර්වල වන බවත් එම අධ්‍යයනය කරන ලද පර්යේෂකයෝ පවසති.

හදිසි සේවා සපයන සේවකයන්ගෙන් හෘදයාබාධ ඇතිවීමේ වැඩිම අවදානමක් තිබෙන්නේ ගිනි නිවන භටයන්ට යැයි ද අධ්‍යයනයේ නිරත වූවෝ කියති. රාජකාරියේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වන බොහෝ ගිනි නිවන භටයන්ගේ මරණයට හේතුව හෘදයබාධ යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදු කර තිබේ. කෙසේ නමුත් කුමන තාප තත්ත්වයකදී කායික ක්‍රියාකාරකම් අවදානම් වන්නේ ද යන්න මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී නැත. පිරිමින් 16 දෙනකු සහ කාන්තාවන් තිදෙනක යොදාගනිමින් මෙම අධ්‍ය්‍යනය සිදු කර තිබේ. පර්යේෂණයට යොදාගත් පිරිසගේ හදවත්වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරමින් මෙම අධ්‍යයනය කර ඇත. අධ්‍යයනයට පෙරත් පසුත් ඊට සම්බන්ධ වූ පිරිස්වල රුධිර සාම්පල පරීක්ෂා කිරීමට පර්යේෂකයෝ කටයුතු කර තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS