යෝනි ශ්‍රාවය හැදෙන්නේ කොහොමද



අපේරටේබොහෝ කාන්තාවන් ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සුද යනවා කියන එක. සමහරු ඇඟ උනුකරවා යනවා කියලත් මේකට කියනවා.

මේගැන තියෙන මිත්‍යා මත බොහොමයි. ඒවගේම ලැජ්ජාව නිසා මේවා හිතේ තියාගෙන දුක් විඳින පිරිසකුත් ඉන්නවා. මේ සියලු දෙනා දැනුවත් කිරීම තමයි මේ ලිපියේ අරමුණ.

අද අපි කතා කළා ලිංගික සෞඛ්‍ය පිලිබඳවිශේෂඥයෙක් වන වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාට.

 

සුද යැම කියන්නේ මොකක් ද?

යෝනි මාර්ගයෙන් යම් දියරයක් පිටවීම තමයි මෙයින් අදහස් වෙන්නේ. අපි කියන්නේ මේකට යෝනි ශ්‍රාවය කියල.

 

යෝනිශ්‍රාවය හැදෙන්නේ කොහොමද?

යෝනි මාර්ගය හැදිලා තියෙන්නේ ලිංගික සංසර්ගය සහ දරු උපතකට අවකාශය සලසන්නයි. මේ කාර්යට යෝනි මාර්ගයේ තෙත ගතියක් පවත්වා ගැනීම අතිශයින් වැදගත්. ඒහින්දයෝනි මාර්ගයේ තියෙන්නේ ශ්ලේෂ්මල පටක වලින් ආවරණය වෙලා. මේ ශ්ලේෂ්මල පටක සහ ගැබ් ගෙලේ තියෙන ග්‍රන්ථි වලින් නිරන්තරයෙන් ශ්‍රාවයන් හදනවා. මේ ශ්‍රාවයන් තමයි සුද කියල පිට වෙන්නේ.

 

සාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?

එය දිනකට මිලි ලිටර එකක් වගේ කුඩා ප්‍රමාණයක්. ගඳක් හෝ පාටක් නැ. මේක ලිංගික උද්දිපන්යකදී වැඩි වෙන්න පුළුවන්. ඒවගේම ඔසප් චක්‍රයේ දිනය අනුව මෙහි ප්‍රමාණය සහ වර්ණය ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්.

 

යෝනි ශ්‍රාවයේ වැදගත්කම මොකක්ද?

ලිංගික සංසර්ගයට ලිහිසි ද්‍රවයක් වීම ඉතා වැදගත් කර්තව්‍යයක් ඊට අමතරව පිටින් එන විෂබීජ විනාශ කිරීමට අවශ්‍ය විෂබීජ නාශක ත් අඩංගු වෙනවා.

 

සාමාන්‍ය සුද යැමකදී කෙට්ටුවෙනවද?

නැහැමෙය මිත්‍යාවක්.

 

අසාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?

ප්‍රමාණය වැඩියි. මෙය යට ඇඳුම් තෙත් වෙන ප්‍රමාණයට එන්න පුළුවන්. අසාමාන්‍ය ගඳක්,සමහරවිට කුණු මාළු ගඳක් තියෙන්න පුළුවන්.වර්ණය කොළ හෝ අළු පාට විය හැකිය. සුදු පාට කිරි කැටිති වැනි ද්‍රවයයක්මේ ශ්‍රාවයේතියෙන්නත් පුළුවන්. ඒවගේම කසන්නත් පුළුවන්.

 

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු මොනවද?

තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ.

 

වෛද්‍ය.I L ජයවීර

MBBS.PG DIP.MD in Venereology (Sexual Health and HIV Medicine)


සටහන - අසුන්තා එදිරිසූරිය


RECOMMEND POSTS