මුරුංගාවල ඔසු ගුණය ගැන ඔබ දන්නවාද



ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

ඉතා ඉක්මනින් මෙන්ම හොඳින් වැඩෙන මුරුංගා කොළ  ඇතුළු සියලුම කොටස් ආහාරයට එකතු කර ගත හැකිය. මුරුංගා ගහේ කොළ ජලයේ ඇති විස බීජ නැසීමටත්, ජලය පිරිසුදු කාරකයක් ලෙසටත් පැරැන්ණෝ භාවිතයට ගත්හ. නිවසේ නැතිවම බැරි අත්බෙහෙතකි. 

 

මුරුංගාවලින් සමනය වෙන ලෙඩ රෝග
දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් අධිකතාවට, ආතරයිටීස්, දරුවන්ගේ මළබද්ධයට ඉතාමත් ගුණය. සමෙහි රෝගවලට අවශ්‍ය ඛනිජ, විටමින්, අඩංගු මුරුංගා දිනපතා ආහාරයට එකතු කර ගැනීම සුදුසුය. 
මුරුංගා කරල්වලට වඩා කොළවල ඇති වටිනාකම ඉහළය. සමහර රටවල මුරුංගා කරල් වියළා කුඩු කර කැප්සියුල් ලෙස විකුණනු ලැබේ. 


මුරුංගා වල ඇති පෝෂණීය වටිනාකම


ශක්තිය - 37 kcl
කාබෝහයිඩ්ඩ්‍රේට්  - 8.53g
ෆයිබර් - 3.2g
මේදය - 0.20g
ප්‍රෝටීන් - 2.10g
විටමින් A - 4 ug
විටමින්B1 - 0.05mg
විටමින්  B2 - 0.07mg
විටමින්   B3 - 0.62mg
විටමින්  B5 - 0.72mg
විටමින්  B6 - 0.12mg
විටමින්  B9 - 44mg
විටමින් C - 141mg
මිනරල් කැල්සියම් -  45mg
යකඩ - 0.36mg
කැල්සියම් - 45mg
මැග්නීසියම් - 0.25mg
පොස්පරස් -  50mg
පොටෑසියම් -  461mg
සෝඩියම් -  42mg
සින්ක් - 0.45mg
වතුර - 88.20g
මුරුංගා කොළ පිළිබඳව කතා කිරීමේදී තරබාරුව අඩු කරන අත් බෙහෙතක් ලෙසද භාවිත කරයි. උදරයේ තැම්පත් වී ඇති මේදය අඩු කිරීමට මුරුංගා කොළ උපකාර වේ. දින 07ක් වැනි කෙටි කාලයක් තුළදී මේ වෙනස ඔබටම දැකගත හැකිය.

විස හරණ හැකියාව ඇති නිසා සිරුරේ ඇති විස සමග සටන් කර සිරුර නිරෝගීව තබයි. ආහාර ජීරණ අපහසුතා ඇති අයට ජීරණය පහසු කරවයි. විශේෂයෙන් පිළිකා රෝගීන්ට පිළිකා සෛල නැති කිරීමට මුරුංගා දිව ඔසුවකි.


සටහන - මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS