දරුවාගේ බර අඩු - වැඩි වෙන හැටි



‘‘දැන් පුංචි පැටියාට වයස සති දෙකකි. ඉපදෙන විට බර කිලෝග‍්‍රෑම් තුනක් තිබුණු දරුපැටියාගේ බර ටිකක් අඩුවෙලා. ඒක ප‍්‍රශ්නයක් නෑ කියලා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කීවා. ඒත් කොහොමද එහෙම වෙන්නේ. දිගටම දරුවගෙ බර අඩු වේවිද?’’

මේ අලූත් අම්මලාට ඇති වෙන ගැටලූවකි. අලූත උපදින දරුවකුගේ බර වැඩිවෙන්නෙ කොහොමද? මේ සටහන එම ගැටලූවට විසඳුම් සොයා ගැනීමටය.


 

අලූත උපන් නිරෝගී දරුවකුගේ උපත් බර විය යුත්තේ කිලෝග‍්‍රෑම් 3.00 - 3.5 පමණ ප‍්‍රමාණයකි. එසේම නිරෝගී දරුවෙකුගේ දිග සෙන්ටිමීටර 50 ක් පමණ වේ. හිස වට ප‍්‍රමාණය සෙන්ටිමීටර 35 ක් පමණය. සමහර මවුවරු දරුවාගේ උපත් බර කිලෝ ග‍්‍රෑම් 2.5 ක් තිබීම ප‍්‍රමාණවත් යැයි සිතති. එය අඩු වුණත්් බර සීමාවේ ප‍්‍රමාණය අනුව උපදින දරුවාගේ බර කිලෝග‍්‍රෑම් 2.6 ක් තිබුණත් එය හොඳ බරක් ලෙසට සඳහන් කළ නොහැකි ය. උපදින දරුවාගේ නිරෝගී හොඳ බර වන්නේ කිලෝ ග‍්‍රෑම් 3.0x3.5 ප‍්‍රමාණයකි. එය කිලෝ ග‍්‍රෑම් 2.7 වුවත් සාමාන්‍ය බර වේ.

 

බර අඩු වෙන්නෙ මෙහෙමයි

දරුවා ඉපදී පළමු සතියේ මවුකිරි බොන දරුවාගේ බර සියයට දහයක් පමණ අඩු වේ. එම අඩුවීම ඊට වඩා අඩු වුවහොත් එය වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්වයකි. බොහෝවිට දරුවා නිසි ලෙස කිරි උරා නොබොන්නේ නම් එසේ බර අඩුවිය හැකිය. සාමාන්‍යයෙන් උපත් බර සෑදෙන්නේ මෙසේය. උදාහරණ ලෙස සඳහන් කළොත් උපත් බර කිලෝග‍්‍රෑම් 3.00ට උපත ලද දරුවෙකුට සතියකින් බලන විට කිලෝ ග‍්‍රෑම් 2.7 වී තිබේ නම් සති දෙකෙන් බලන විට එය නැවත කිලෝග‍්‍රෑම් 3.00 වී තිබිය යුතුය. එය ස්වාභාවික තත්ත්වයයි.

 

දරුවාගේ වර්ධනය සිදුවන හැටි

අලූත උපත ලබන දරුවෙකුගේ වර්ධන වේගය සිදුවිය යුත්තේ මෙසේය.

දරුවෙකු උපත ලබා පළමු මාස 3 - 4 තුළ උපත් බර වැඩි වේ. එය වැඩිම වර්ධන වේගයක් දක්නට ලැබෙන මාස කිහිපයයි.

ඊළඟ මාස 4 - 8 දී බර වැඩිවන්නේ අඩු වේගයකිනි.

ඊළඟ මාස 9 - 12 බර ඊටත් අඩුවේ. වසරක් වෙන විට දරුවාගේ බර වැඩි වී තිබෙන්නේ සෙමිනි. මේ අනුව පළමු මාස හතර වනවිට බර වැඩිවන්නේ ග‍්‍රෑම් 30 ක් පමණය. ඊළඟ මාස හතරින් පසු බර වැඩි වී තිබිය හැක්කේ ග‍්‍රෑම් 20 ක් පමණය. ඊළඟ මාස හතර තුළ බර ග‍්‍රෑම් 10කින් පමණ තිබෙන බර වැඩි වී තිබෙනු දක්නට පුළුවනි. මෙසේ බලන විට සාමාන්‍ය නිරෝගී දරුවෙකුට වයස මාස පහ වනවිට උපත් බර දෙගුණයක් වී තිබිය හැකිය. ඉන්පසු වසරක් වයස ගොස් බලන විට එය වැඩි වී තිබෙන්නේ තුන් ගුණයකිනි. මෙය අලූත උපදින දරුවාගේ සාමාන්‍ය වර්ධනය සිදුවන ආකාරයයි.

 

 

බර වැඩි වෙන්න ඕනෑ කොහොමද?

සමහර දරුවන්ගේ උපත් බර මෙසේ දිගටම වැඩි හෝ අඩු වේ. එනම් වැඩි බර මාසයක් තුළ අඩු විය හැකිය. අඩු බර උපත ලබන දරුවාගේ බර මාසයක් තුළ වැඩිවිය හැකිය. එසේ බරින් වැඩි විය යුත්තේ එක සමාන්තරවය. එය ඔබට දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනින් මනාව හඳුනාගත හැකිය. එය අසාමාන්‍යවීම සුදුසු නොවේ.

සෞඛ්‍ය වර්ධන සටහනේ රේඛා හතක් තිබේ. ඔබේ දරුවාට මෙම රේඛාවලින් එකක බර තිබිය හැකිය. ඒ අනුව බර වැඩිවිය යුත්තේ උපත ලද බරට සමාන්තරවය. එය කහ, රතු, කොළ, යන වර්ණය කුමක් වුවත්, බර වැඩිවිය යුත්තේ ඒ අනුවය. උදාහරණ ලෙස සඳහන් කළොත් උපත ලද දරුවා රතු පාට ඉර දිගේ යන්නේ නම් එම දරුවාගේ බර කොළ පාට ඉරට ගැනීමට මවුවරු වෑයම් කරති. එය ඉතාම වැරදි අදහසකි. දරුවාගේ බර එසේ අසාමාන්‍ය ලෙස වැඩි වන්නේ නම් එය අනාගතයේ දරුවා බෝනොවන රෝග රැුසකට ගොදුරු කිරීමකි. එසේ අතිරේක ආහාර දීමට පටන් ගත් විට බෝල බබාලා කරන දරුවන් අනාගතයේ ස්ථුලතාවට, දියවැඩියාවට හෝ හදවත් රෝගවලට ගොදුරුවිය හැකිය. එනිසා තෙල්, පිටි කවා දරුවා බෝල කිරීමට උත්සාහ නොකළ යුතුය. දරුවාගේ නිරෝගී වර්ධනය වන්නේ තමාගේ උපත් බරට සමාන්තරව බර වැඩිවීමය.

 

බර අඩු වුණොත් මොකද වෙන්නෙ?

යම් දරුවකුගේ බර තිබිය යුතු ප‍්‍රමාණයට අඩුවෙන් තිබීම ගැටලූ රාශියකට හේතු වේ.

මිටි බවට පත්විය හැකියි.

මානසික වර්ධනය අඩාල විය හැකිය.

මේ නිසා කුඩා දරුවකු සිටින මවක් නිතර දරුවාගේ බර ගැන සැලකිලිමත් විය යුතුය. එය සායනයේදී පරීක්‍ෂා කර ගැනීමෙන් ඔබේ දරුවාගේ බර නිසි ලෙස වර්ධනය වන්නේ දැයි දැනගත හැකිය. මෙහිදී අසාමාන්‍ය අඩු වැඩිවීමක් පෙනේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතු වේ.

 


RECOMMEND POSTS