කොරෝනාවලින් බේරෙන්න



කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය, ඊට කරන ප්‍රතිකාර, වයිරසය යම් මතුපිටක් මත රැඳෙන කාලය යනාදී බොහෝමයක් ගැන තවමත් පර්යේෂණ පැවැත්වේ.

මීට මාස කිහිපයකට තමන් කරන වෛද්‍ය පරීක්ෂණ, අත්හදා බැලීම් යනාදියේ තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස ආරක්ෂා කරමින් විවිධ පර්යේෂණවල යෙදුණු ලොවපුරා විද්‍යාඥයෝ මේ වනවිට පොදු අරමුණක් එක්ව සිටිති.

තමන් සතු සියලු දැනුම හෝ තොරතුරු මෙන්ම විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් ලොවපුරා විද්‍යාඥයෝ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ, අත්හදා බැලීම් සහ අධ්‍යයනවල නිරත වෙති.

කොරෝනා වයිරසය සම්බන්ධ ඇතැම් කරුණු ගැන තවමත් නිශ්චිත අදහසක් හෝ තහවුරු කිරීමක් නැත. කාසි හා නෝට්ටු හා සම්බන්ධයෙන් ද එසේය. කාසි හා නෝට්ටුවලින් කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙනවාද නැද්ද, කාසි හෝ නෝට්ටු මත වයිරසය හෝ විෂබීජ රැඳෙනවාද එසේ නම් කොතරම් වේලාවක් යන්න සම්බන්ධයෙන් තවමත් තහවුරු කිරීමක් කර නැත.

එබැවින් කාසි හා නෝට්ටුවලින් කාසි හෝ නෝට්ටුවලින් වයිරසය ව්‍යාප්ත වන බව හෝ නොවන බව තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ තවම කළ නොහැක.

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති, ස්වසන බිඳිති ඇතුළු විෂබීජ පැතිර යා හැකි අතර ඕනෑම මතුපිටක රැඳී තිබිය හැක.

එබැවින් කාසි හා නෝට්ටු පමණක් නොව වෙනත් ඕනෑම ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් අනතුරුව සෑම විටකම ඔබේ දෑත් හොඳින් පිරිසුදු කළ යුතුය. නිරන්තරයෙන් දෑත් සේදීම හා පිරිසුදු කිරීම පුරුද්දක් කරගන්න.

ඔබේ දෑත් අපිරිසුදු නැතිනම් ඇස්, කට සහ නාසය ඇල්ලීමෙන් වළකින්න.

හර්ෂණ තුෂාර සිල්වා

‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ
උපදෙස් ඇසුරින් සකස් කරන ලදි’ 

RECOMMEND POSTS