කනට මොකෙක් හරි රිංගුවොත්



 

යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

එබැවින් මෙ වැනි අවස්ථාවකදී මූලිකව කළයුත්තේ කුමක්ද යන්න අප දැන සිටිය යුතුමය. මෙහිදී වි‍ශේෂයෙන් කුඩා දරුවෙකු මෙවැනි තත්ත්වකට කුඩා දරුවකු මුහුණ පෑ විට වඩාත් සැලකිලිමත් විය යුතුය.

කෙසේ වෙතත් ලොකු කුඩා කවර අයෙකු වේවා හදිසියේ මෙවැනි අවදානමකට මුහුණ දුන්නොත් කළ යුතු මූලික ප්‍රතිකර්ම මොනවාද යන්න මෙහිදී සාකච්ඡා කෙරේ.

01. අනතුරට මුහුණදුන් තැනැත්තාගේ කන උඩු අතට හරවා ජලය හෝ පොල්තෙල් කිසිදු බියකින් තොරව වක්කරන්න. එහිදී කනට අනතුරක් හානියක් වේ යැයි බියක් ඇතිකර නොගන්න. වැදගත් වන්නේ සතා ඉවතට ගැනීමයි.

02. මෙසේ මිනිත්තු කිහිපයක් ජලය රැදෙන අතට බෙල්ල හරවාගෙන සිටින අතර කනට ඇතුළු වූ සතා ඉවතට පැමිණියේ දැයි පරීක්‍ෂා කර බලන්න.

03. සතා ඉවතට පැමිණියේ නැත්නම් අඬු හෝ වෙනත් උපකරණ භාවිතා කොට සතාව ඉවත් කිරීමට නොයන්න.

04. එහිදී යොදා ගන්නා උපකරණ නිසා හෝ සතාගේ අඬු නිසා කන අභ්‍යන්තරයේ පවතින සියුම් ස්නායුවලට හානි සිදුවිය හැකි බැවිනි.

05. කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුළු වුවහොත් කනට වතුර හෝ පොල්තෙල් නොදමන්න. අඬු භාවිතා කොට එම සතා ඉවත් නොකරන්න.

06. ඇතුළු වූ සත්ත්වයා කනෙන් පිටතට නොපැමිණෙන්නේ නම් හෝ කනට වෙනත් කුමන හෝ දෙයක් ඇතුල් ඇත්නම් හැකි ඉක්මනින් කළ යුතු වන්නේ උගුර, කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයකු වෙත ගොස් එම සතාව හෝ කනට ඇතුල් වූ දේ ඉවත් කර ගැනීමයි.

පුෂ්පා රම්‍යානි සොයිසා

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS